News Line| Off Air
Generic placeholder image

Jul
5

වටගොඩ සහ තලවකැලේ අතර දුම්රිය පීලිපැනීමක්

Generic placeholder image

වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී සඳහන් කළේ, දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බවය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර ඇති බවයි වාර්තා […]


Jul
5

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

Generic placeholder image

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව […]


Jul
4

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Generic placeholder image

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 2,982 යි. කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198යි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක […]


Jun
29

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

Generic placeholder image

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


Jun
29

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩගනී – මිනිස් අස්ථි කොටස් ඇති බවට අනුමානයක් (ඡායාරූප)

Generic placeholder image

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩබිමට රැගෙන ආ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසනවා. එම කොටස් කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ. එම සුන්බුන් අතර මියගිය අයගේ ජෛව සාම්පල කොටස් ඇති බවට අනුමාන කෙරෙන බව පර්යේෂකයින් පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් සිදුකරන බව අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ටයිටන් සබ්මැරීනයේ […]


Jun
29

හජ් උත්සවය අදයි

Generic placeholder image

ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා. පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.


Jun
29

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් […]


Jun
28

දකුණු කොරියානුවන් තරුණ වෙයි

Generic placeholder image

දකුණු කොරියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික වයස ගණන් කිරීමේ ක්‍රමය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මීට පෙර පුද්ගලයින්ගේ වයස් ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ දරුවෙකු මව් කුස පිළිසිද ගත් බව දැනගත් දා සිටයි. ඒ අනුව එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත් වී දරුවෙකු මෙලොව එළිය දුටුදා සිට වයස ගණන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව වයස් ගණන් […]


Jun
28

දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගීන් වාර්තා වෙයි

Generic placeholder image

වසර 20 කට පසු ප්‍රථම වරට දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වී තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරිඩා සහ ටෙක්සන් ප්‍රාන්ත වලින් මැලේරියා රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන ව්ට ප්‍රාන්ත දෙකෙහිම ගුවන්යානා ද යොදා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථන විනාශ කර දැමීමට බලධාරීන් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.


Jun
28

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා මියයයි

Generic placeholder image

ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් මියගොස් තිබෙනවා. විප්ලවීය සොයාගැනීමක් ලෙස සැලකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය. මියයන විට 100 වැනි වියේ පසුවූ ජෝන් ගුඩ්ඉනෆ් සැලකෙන්නේ, ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා ලෙසය. ලොවපුරා භාවිතයේ ඇති විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය නිර්මාණය කෙරුණේ ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුවය. ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඔහු […]


Jun
28

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට […]


Jun
27

අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ අහසට ගිය ලෝක කුසලානය

Generic placeholder image

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානය බැලුනයක ආධාරයෙන් පොළොව මට්ටමේ සිට අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ වායු ගෝලයට යවා ඇති බවයි. පසුව එම කුසලානය ලෝකයේ විශාලතම ක්‍රීඩාංගණයක් වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post