News Line| Off Air
Generic placeholder image

Aug
26

ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක්

Generic placeholder image

ත්‍රස්තවාදී ප්‍රහාරයක අවදානමක් ගැන කාබුල් ගුවන්තොටුපොළ වෙත අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඒ අවදානම හේතුවෙන් කාබුල් ගුවන්තොටුපොළ අසළ රැඳීනොසිට වහාම ඉවත්ව යන්නැයි අමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට දැනුම්දී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත් දස දහස් ගණනක් ජනතාව ගුවන්තොටුපොළ අසළ රැදී සිටින බවට වාර්තා වෙනවා.


Aug
26

වසරේ වැඩිම උද්ධමනය ඉකුත් මාසයේදී

Generic placeholder image

මේ වසරේ වැඩිම උද්ධමනයක් ඉකුත් මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජුලි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 6.8ක් වන බව වාර්තා වනවා.


Aug
26

සියලු ආර්ථීක මධ්‍යස්ථාන 28,29 යළි විවෘත කිරීමට තීරණයක්

Generic placeholder image

සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. ඒ තොග වෙළදාම වෙනුවෙන්. එමෙන්ම අත්‍යවශය සේවාහි නිරත නිලධාරීන්ට ආර්ථීක මධ්‍යස්ථානවලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව තිබෙනවා.


Aug
26

තද වැසි පිලිබදව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

තද වැසි පිලිබදව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලංකාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය මිලිමීටර් 117 ක්. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව , මධ්‍යම පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ නිවේදනය කරනවා.


Aug
26

අද කොවිඩ් මර්දන එන්නත්කරණය ස්ථාන 438 කදී

Generic placeholder image

අද කොවිඩ් මර්දන එන්නත්කරණය ස්ථාන 438 කදී සිදු කරනු ලබනවා. අදාල ස්ථාන පහතින්,


Aug
26

ඊයේ මෙරටින් ආසාදිතයින් 4,483 ක්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,483 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 198ක්.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා


Aug
26

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව […]


Aug
25

කිසිදා මුණ නොගැසුණු මංගල

Generic placeholder image

කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා… එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා.. අද මේ කතාව […]


Aug
25

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.ඒ අනුව එම සංඛ්‍යාව මේ වනවිට 403,285ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
25

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා

Generic placeholder image

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Aug
25

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. එම ප්‍රකාශයේ සදහන් වන්නේ 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු […]


Aug
25

ගුවන් හමුදාපති ස්වයං නිරෝධායනයට

Generic placeholder image

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටිනවා. ඒ ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක් කොවිඩ් ආසාදිත හදුනාගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post