News Line| Off Air
Generic placeholder image

Aug
17

එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන්

Generic placeholder image

එක් ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තය යළි ලොක්ඩවුන් කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් අද නියෝග කර තිබෙනවා. මාස 06 කට පසු ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් නව ආසාදිතයෙක් වාර්තා වීම නිසා මෙම තීරණය ගෙන තිබෙනවා.


Aug
17

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක් වතුර නෑ

Generic placeholder image

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව හෙට උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වත්තල, හැඳල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියා තුඩුව පාර, දළුපිටිය හා අක්බාර් පාලම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල […]


Aug
17

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනා ගැනේ

Generic placeholder image

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හදුනා ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ බව ඒ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කල අතර ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතින් තුන හදුනා ගෙන ඇති බවයි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.


Aug
17

ETF කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වැසෙයි

Generic placeholder image

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට කටයුතු කර තිබෙනවා.


Aug
17

තවත් නගරයක් වසා දැමේ

Generic placeholder image

තවත් නගරයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය විසින් බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර තිබෙනවා. අද දින සිට දින 06ක් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමනු ඇති.


Aug
17

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දළ සටහනක් පහතින්,


Aug
17

යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Generic placeholder image

යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත් ලබාදෙන ස්ථාන පහත පරිදි වේ.


Aug
17

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණයක්

Generic placeholder image

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.


Aug
17

ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශක්ති ඉන්දියාව බලා පිටත්ව යයි

Generic placeholder image

ඉන්දියාවෙන් ඇණවුම් කළ ඔක්සිජන් ගෙනඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් ව ගොස් තිබෙනවා. මෙම නෞකාව හෙට පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව තිබෙනවා.


Aug
17

නිරෝධායන රීති කැඩූ 277 ක් අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වු පැය 24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 54,889 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
17

ඉන්දීය සාගරයේ භූ චලනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ මැග්නිටියුට් ඒකක 5.0 ක භූ චලනයක් ඇති බව භූ විද්‍යා කාර්යංශය සදහන් කරනවා. ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දීය සාගරයේ කිලෝමීටර් 1200 ක් මෙම භූ චලනය සිදුව ඇති අතර එයින් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි එම කාර්යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Aug
17

මෙරටින් තවත් කොරෝනා මරණ 167 ක්

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා මරණ 167 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මියගිය පිරිස අතරින් 103 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 64 දෙනා කාන්තාවන් වේ.


News Articles
Latest Videos
Most Popular Post