මෙම සතිය සඳහා අද දිනයේ දී පමණක් පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිත අතර කොවිඩ් පනත අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්,ගාල්ල, මාතර, මහනුවරසහනුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර,මඩකලපුව, වවුනියාව සහ මුලතිවුදිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු ,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 354,396ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
පවතින කොරෝනා අවදානමෙන් මිදෙන්න… කළ යුතු නොකළ යුතු දේවල් පිලිබදව දැනුවත් කිරීම සදහා අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතා…. මේ ඒ ගැනයි…
මැලේසියාවේ අගමැති මුහයිඩීන් යස්සින් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන්.
රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අගෝස්තු 31 වැනි දින දක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර වාහන ආදායම් බලපත්‍ර ඔන්ලයින් ඔස්සේ ලබා ගැනීමට www.motortraffic.wp.gov.lk පිවිසෙන්න.
ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ කාබුල් තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඇද වැටෙන ආකාරයේ වීඩියෝවක් දක්නට ලැබෙනවා. ඒ කාබුල් නුවර බලය තලෙයිබාන් සටන්කාමින් අතට පත්වීමත් සමග කාබුල් වැසියන් මෙලෙස රටින් පිටවීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටින පසුබිමකයි. මේ අතර එරට ප්‍රධාන ගුවන් තොටුපොළ වන කාබුල් ගුවන් තොටුපොළ තුල දැඩි තදබදයක් හටගෙන […]
තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවත් රටින් පලා යාම සදහා ගුවන් යානා වලට ඇතුළුවීම සදහා පොරබදින ආකාරයක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ. මේ තත්වය පාලනය කරගැනීමට නොහැකිව ඇමෙරිකානු හමුදාව විසින් අහසට වෙඩි තබා […]
කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිවසටම වී කාලය ගතකරන ලෙසත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනය වැඩි දුරටත් සදහන්.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර තිබෙනවා.
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 54,612 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනය පහතින්, 📌 ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය📌 දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය📌 පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය📌 කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය📌 ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය📌 ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය📌 නාමල් රාජපක්ෂ […]