ICC යෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 20% ක දඩයක් නියම කර තිබෙනවා. ඒ ඉන්දියාව සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙදී නියමිත කාලයට පන්දු නොයැවීමට අදාලවයි.
වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් එන්නත් ලබා දීම අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. අද දිනයේ ද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍ර ලක්ෂ 20 ක් මෙරටට ලැබුණු අතර ඒ තුලින් මෙරට සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීමට හැකි වෙනු ඇති.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉකුත් මැයි මාසයේදී වසා දැමුණු දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604ක්. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 486ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 279 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක මට්ටමින් නව ආසාදිතයින් වාර්තා වූ අයුරු පහතින්,
අද කොරෝනා මර්දන එන්නත්කරණය දිවයින පුරා මධ්‍යස්ථාන 151 කදී සිදු කෙරෙනවා. අදාල මධ්‍යස්ථාන පහතින්,
ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා. කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ, අබ, උළුහාල් යනාදී අත්‍යවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායී කුළුබඩු ඇසුරුම, ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකි බවයි […]
මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවයි.
ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතව මියගිය ගණන 4300ක් දක්වා ඉහල ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට එම රෝගය එරට වසංගත තත්වයට පත්වීමේ අවදානමක් ඇති බවද පැවසෙනවා. මේ වන විට මේ රෝගය ආසාදනය වූ රෝගීන් 45,374 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් අතරින් බහුතරයක් කොරෝනා අසාදනය වී සුවය ලැබූ රෝගීන් […]
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.
චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා. අදාල එන්නත් තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදා හැරීමට නියමිතයි. තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් ඉදිරි සති දෙක තුල මෙරටට ලැබීමට නියමිතයි.
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබෙනවා.. ඉකුත් දා ආරම්භ කල මෙම වැඩ වර්ජනය 11 වන දිනට අද දිනයේත් ක්‍රියාත්මක වන අතර සිය ගැටලු වලට විසඳුම් ලබාදීම සදහා රජය මේ දක්වා කටයුතු කර නොමැති බව එම වෘත්තීය සමිති සදහන් කරනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර […]