News Line| Off Air
Generic placeholder image

Jul
15

ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 09 ක් ජිවිතක්ෂයට

Generic placeholder image

ගතවූ පැය 24ක කාලය රිය අනතුරු වලින් පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් වන අතර එම ගණන 07ක්.


Jul
15

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට සවස් වරුවේ වැසි

Generic placeholder image

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]


Jul
14

ක්‍රිකට් බලධාරීන් සහ ජනපති අතර හමුව කල් යයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් මේ බව සදහන් කර තිබෙනවා.


Jul
14

තවත් කොවිඩ් මරණ 37ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) දින තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jul
14

හෙට සිට වැසි තත්වයේ වර්ධනයක්

Generic placeholder image

හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහිදී ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු […]


Jul
14

දිනක් තුළ මේ දක්වා මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණයක් ඊයේ

Generic placeholder image

දිනක් තුළ මේ දක්වා මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණයක් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.


Jul
14

එංගලන්ත – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස එංගලන්තය ජය ගනී

Generic placeholder image

එංගලන්තය – පාකිස්ථානය එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය එංගලන්තය ජය ගෙන තිබෙනවා. ඒ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් ජය ගැනීමත් සමගය. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් බිඳවැටී ලකුණු 331ක් රැස්කලා. පිළිතුරු […]


Jul
14

ක්‍රීඩා සංගම් හා සම්මේලන 5 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

ක්‍රීඩා සංගම් හා සම්මේලන 5 ක ලියාපදිංචිය අත්හිටුවා තාවකාලිකව එහි පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Jul
14

අනුෂ පැල්පිට ට යළි අමාත්‍යංශ ලේකම් ධුරයක් හිමි වෙයි

Generic placeholder image

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අනුෂ පැල්පිට මහතා අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශ ලේකම් වරයා වශයෙන් පත් කර තිබෙනවා.


Jul
14

කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට තුල මේ වන විට ක්‍රියාත්මක කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද සටහනක් පහතින්,


Jul
14

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Generic placeholder image

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. තම ඉල්ලීම්වලට මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරක් නොලැබුණු බවයි වෘත්තීය සමිති පවසන්නේ.


Jul
14

අන්තර් පළාත් සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

Generic placeholder image

අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post