අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
පුත්තලම, මදුරන්කුලිය, විරුතෝඩෙයි ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරනු ලැබුවද තවමත් ගින්න සම්පුර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191ක්.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 262,074ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අපි හුගක් වේලාවට කරන්න පුරුදු වෙලා ඉන්නේ කවුරුහරි කලින් කරපු දෙයක්.. ලෝකය වෙනස් කරන්න ඕන කියල හැමෝම හිතනවා , හැමෝම ඒ ගැන කතා කරනවා. එත් හැමෝම පුරුදු වෙලා ඉන්නේ තව කවුරුහරි කරපු දෙයක් කරන්නයි.. මේ සමාජය හැදෙන්න ඕන හදන්න ඕන කවුද මේවට වගකියන්නේ ඕන කියන දේවල් වචනයෙන් අපි කිවුවට ඇත්තම අපි මේ වෙනුවෙන් මොනාද කරලා […]
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස්තිබෙනවා.
ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සදහන් කර ඇත්තේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගත යුතු බවට මහජනයාට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ පිලිබදව ඇතුලත් නිවේදනය පහතින්,
වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙන අතර ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, […]
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාල ගැසට් නිවේදනය පහතින්.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික යටිබිම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130 වැනි කිලෝ මීටර් කණුව ප්‍රදේශයේ ඉදිකළ කපුදුව අන්තර් හුවමාරුවෙන් කඹුරුපිටිය, මාතර හා හක්මන නගර වෙත ප්‍රවේශ වියහැකි අතර මෙය ඉදි කිරීම […]