News Line| Off Air
Generic placeholder image

Jun
23

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

අද දිවයිනේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Jun
23

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදයි

Generic placeholder image

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 97වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාව අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී සිදු විය. පූජ්‍යපාද මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කොට වදාළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මැතිණිය ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.


Jun
23

ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් රේගු අත් අඩංගුවට

Generic placeholder image

සූක්ෂ්ම ලෙස සඟවා ඉන්දියාවට අපනයනය කිරීමට උත්සාහ කල නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ප්‍රදේශයේ සැකකාර සමාගමක් විසින් මෙම නීති විරෝධී හක් බෙල්ලන් අඩංගු බහාලුම අපනයනය කිරීම සඳහා 2021 ජුනි මස 15 වන දින උත්සාහ කිරීමේ දී ලැබුණු බුද්ධි […]


Jun
23

රනිල් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් තිබෙනවා. ඒඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි.


Jun
23

ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් සිදුවු අලාභය තක්සේරුවට අනු කමිටු 5ක් පත් කෙරේ

Generic placeholder image

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීම සඳහා අනු කමිටු 05ක් පත්කර තිබෙනවා. පත් කර තිබෙන අනු කමිටු 05 පහතින්, *රක්ෂණ අනු කමිටුව*නෛතික අනු කමිටුව*ධීවර අනු කමිටුව*පාරිසරික අනු කමිටුව*ආර්ථික අනු කමිටුව


Jun
23

පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද […]


Jun
23

තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. අදාල මාත්‍ර තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගෙන තිබෙනවා.


Jun
22

අද දිනය තුල මේ දක්වා ආසාදිතයින් 1,320ක්

Generic placeholder image

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Jun
22

ආසාදිතයින් 2,009ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 209,296ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
22

ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

ජාතික බලශක්ති දිනය ලෙස ජුනි මස 26 වනදා ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එස් එස් හෙලියොස් නැමති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ විදුලි පහනින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට හැකි වූ දිනය 1882 ජුනි මස 26 වනදා වන අතර එය සිහිපත් කරමින් ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය […]


Jun
22

ගෑස් මිල වැඩි කරන්නේ නෑ – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

Generic placeholder image

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ කුමන පාඩුවක් ලැබුවද ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.


Jun
22

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වෙයි

Generic placeholder image

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා. ඒ මහතා පෞද්ගලික අවශ්‍යතාවයක් මත එම ධූරයෙන් ඉවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post