News Line| Off Air
Generic placeholder image

Jun
11

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2738 දෙනකු වාර්තා වී තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 575ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 දෙනකු වාර්තා වී තිබෙනවා.


Jun
11

තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කෙරේ

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 101ක් වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
11

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිද සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි විපක්ෂ නායක තුමා සහ ඔහුගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මිය සුවපත් වීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් දෙපල තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර එහිදී ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් විපක්ෂ […]


Jun
11

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Generic placeholder image

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ට අවතීර්ණ වී තිබෙනවා. වෘත්තීය සමිති 26ක සාමාජිකයින් මේ සදහා එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.


Jun
11

ඉන්දීය ක්‍රිකට් පිල ලබන මාසයේදී දිවයිනට

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් පිල ලබන මාසයේදී දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහායි.


Jun
11

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.


Jun
11

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට ගෙන එයි

Generic placeholder image

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට ගෙන විත් තිබෙනවා. ඒ අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ද අන්තර් ගත වන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ.


Jun
11

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවතට

Generic placeholder image

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් මෙලෙස හුදකලාභාවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Jun
10

අමෙරිකාවේ TikTok තහනම ඉවතට

Generic placeholder image

ට්‍රම්ප් පාලනය සමයේ දී ඇමෙරිකාවට පැන වූ ටික්ටොක් (TikTok) තනහම , වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කරනු ලැබ තිබෙනවා.


Jun
10

ආසාදිතයින් 1,811ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝන වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 182,238ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Jun
10

මේ කතාව තේරෙන අය ඉන්නේ ලෝකෙම 3%යි

Generic placeholder image

විද්‍යාවට අනුව හොයාගත්ත පොඩිම දේ තමයි පරමාණුව… පරමාණුවට වඩා කුඩාම ඒකකය විද්‍යාවට අනුව තවම සොයාගෙන නෑ.. නමුත් පරමාණුව හැදිලා තියෙන කුඩාම ඒකකය ගැන ධර්මයෙන් අපිට කියල දෙනවා. අභිධර්මය ගැන ඉගෙන ගන්නකොට අපිට ඒ ගැන දැනගන්න ලැබෙනවා.. කෙසේ නමුත් අද මේ කතා කරන්නේ පරමාණුවක ඇති හිස් අවකාශය කොතරම් ද යන්නයි..ඒ ගැන කතාවක් මේ..


Jun
10

ගිනිගත් නැවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

Generic placeholder image

මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා. අදාල යකඩ බෝයාව කිලෝ 250කට අධික බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post