News Line| Off Air
Generic placeholder image

Feb
23

ජපානය මවිතයට පත්කළ අභිරහස් වස්තුව

Generic placeholder image

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය වස්තුවක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් වාර්තා කළා. මීටර 1 දශම 5ක් පමණ පළල මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති බවයි ජපාන වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.


Feb
23

ටජිකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේ භූ කම්පනයක්

Generic placeholder image

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එම භූ කම්පනයෙන් විනාඩි 20 කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූ කම්පනය හේතුවෙන් ජිවිත හා දේපල හානි කිසිවක් තවම වාර්තා වී නොමැත.


Feb
21

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරින් 9ක් රෝහලේ

Generic placeholder image

ඇඟලුම් සේවක, සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ ගාල්ල, උඩුගම, ගල්ලන්දල, රිලාපාලුව ප්‍රදේශයේදී. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අනතුරින් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.


Feb
21

අමෙරිකානු ජනපති බයිඩ්න් යුක්‍රේන සංචාරයක

Generic placeholder image

පෙර දැනුම්දීමක් සිදු කරන්නේ නැතිවම අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊයේ දින යුක්‍රේනයේ සංචාරයක නිරත වුණා. බයිඩ්න්ගේ මෙම සංචාරය ඊයේ දින විදෙස් මාධ්‍ය රැසකම ප්‍රධාන පුවත බවට පත් වුණා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර වසරක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දින දෙකක් පමණයි. යුද්ධය ආරම්භ වී වසරක් සම්පූර්ණ වීම පදනම් කරගෙනයි බයිඩ්න් මෙලෙස යුක්‍රේනයේ සංචාරයක නිරත වී ඇත්තේ. […]


Feb
21

මාලි රාජ්‍යයේ සේවය කරමින් සිටි යුධ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

මාලි රාජ්‍යයේ හතරවන සංග්‍රාමික ආරක්ෂක සේවය කරමින් සිටි ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරියෙකු පසුගිය එකොළොස් වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනුයි. මෙම නිලධාරියා වසර දාහතරක සේවා කාලයක් සම්පූර්ණ කළ අනුරාධපුර පදිංචි දෙදරු පියෙක්. මාලිදේශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී ඩැනියෙලාගේ ප්‍රධානත්වයෙන් එරටදී ඔහුගේ දේහයට අවසන් ගෞරව ලබා දී තිබුණා. එළඹෙන විසි දෙවන […]


Feb
21

සුනඛයන් යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට

Generic placeholder image

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප […]


Feb
17

සිරුරේ බර අඩු කරන ආහාර වර්ග

Generic placeholder image

ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබ ආහාර පාලනය කිරීමට වගේම ව්‍යායාම කිරීමටත් ගොඩක් උනන්දු වෙනවා. ඔබේ ආහාරයට එකතු කරගත හැකි ඉක්මනින් කෙට්ටු වෙන ආහාර වර්ග ගැනයි අප ඔබව දැනුවත් කරන්නේ. ඕට්ස් ඕට්ස් කෝප්ප එකකින් බිත්තරයකින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඕට්ස් ආහාරයට ගැනීම මගින් ඔබට නැවත […]


Feb
16

තුර්කි භූ කම්පනයෙන් පසු බෝවන රෝග ඉහළ යාමේ අවදානමක්

Generic placeholder image

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41,000 ඉක්මවා තිබෙනවා. භූ කම්පනය සිදුවී පැය 200 ඉක්මවූවද තවමත් සුන් බුන් අතරින් පුද්ගලයින් හමුවන බව විදෙස් මධ්‍යයේ සඳහන්. කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිරියාවේ වයඹ දෙසින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඇතිවූ භූ කම්පනයත් සමඟ විපතට පත්වූ පිරිස් අතර රෝග බෝ වීමේ අවධානම් තත්වයක් පවතින බව […]


Feb
16

අද සිට විදුලි කප්පාදුවක් නෑ

Generic placeholder image

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි.


Feb
16

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය අද

Generic placeholder image

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි. තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.


Feb
15

යුක්‍රේන රුසියා යුධ ගැටුම වසරකට ආසන්නයි

Generic placeholder image

රුසියාව යුක්‍රේනයට අඛණ්ඩව පහර දෙමින් සිටිනවා. රුසියාව යුක්‍රේනයේ බක්මුට් වෙත දරුණු ප්‍රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ. බක්මුට්හි සිවිල් වැසියන් 70,000 ක් පමණ වාසය කළ අතර මේ වන විට සිවිල් වැසියන් 12,000 ක් පමණ එහි සිටින බවයි බලධාරීන් පවසන්නේ. දෙරට අතර යුධ ගැටුම ආරම්භ වී දැන් අවුරුද්දකටත් ආසන්නයි. යුක්‍රේනයේ දහස් ගණනක් දරුවන්ට දෙමව්පියන්ද, දෙමව්පියන්ට දරුවන්ද […]


Feb
15

ස්වභාවිකව ම කොලෙස්ටරෝල් පාලනය කරගන්නේ කොහොමද?

Generic placeholder image

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා වයස අවුරුදු 25 වන විට කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කළ යුතු බව පර්යේෂකයින් කණ්ඩායමක් පෙන්වා දී තිබෙනවා. පර්යේෂකයින් පවසන්නේ, හෘද රෝග හා ආඝාතයට ගොදුරු වීමෙන් ඇති වන ජීවිත අවදානම ගණනය කිරීම සඳහා එලෙස කොලෙස්ටරෝල් පරීක්ෂා කිරීම වැදගත් වන බවය. කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ ජීවන රටාවන්, ආහාර රටාවන්, පවුල් […]


News Articles
Latest Videos
Most Popular Post