වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හදුනාගත් අතර එම ඝාතනයේ සැකකරු 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කල අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි. අදාල ඝාතනය සිදු කල බව පැවසෙන මෙම […]
අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසක් ඇති වූ ගැටුමකින් එක් සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ සිද්ධිය පිලිබදව සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි.
ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කරනවා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල හඳුනාගත් නව ආසාදිතයින් ගණන 317ක් වෙනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 83,869ක් දක්වා […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව තිබෙනවා. ලබා ගත් සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය දැක්වෙන අතර […]
නයිජීරියාවේ පැහැර ගැනීමට ලක් වූ පාසලක ගුරුවරුන් සහ ළමුන් සියයට අධික පිරිසක් මේ වන විට නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කිසියම් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 17 වනදා ඔවුන් පැහැර ගනු ලැබු අතර නේවාසිකාගාරවල රැඳී සිටි පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත. පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම් එරට හමුදා නිල ඇඳුමින් සැරසී පාසල වෙත ඇතුළු […]
රට තුළ වාහන ආනයනකරුවන් රැසකගේ ප්‍රදර්ශනාගාරවල කිසිදු වාහනයක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරනවා. වාහන ආනයනට පැනවූ සීමාවන් හේතුවෙන් ඉදිරියේ දී ,වාහන ව්‍යාපාරයේ නිරත පිරිසට සියලුම සේවකයින් ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උදාවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා
ඊයේ රාත්‍රියේ සිට අම්බලන්ගොඩ කහව වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සදහන් කරනවා. මෙසේ අතුරුදහන්වී ඇත්තේ ඇල්ල උදාර ඇල්ල, හෙට්ටිපොළවත්ත එකම ලිපිනයේ පදිංචි පෙරෙකුම් නිලාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකු හා විසි හැවිරිදි චින්තක ජූඩ් නිලාන් පියරත්න නමැති තරුණයෙක් බවද පොලීසිය සදහන් කරනවා.
මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙනවා. මෙලෙස හුදකලා බවින් ඉවත් කරන ලද ප්‍රදේශ වන්නේ ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකය.
කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැති අතර බටහිර […]
රාත්‍රී කාලයේ අනවසරෙන් නිවසට ඇතුළු වී 14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කළ 28 හැවිරිදි තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල තරුණයා එම දැරිය සිටින නිවසට යාබද නිවසේ කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර එහිදී එම දැරිය හා එම තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිව ඇති අතර ඒ පිලිබදව දැරියගේ දෙමවුපියන් විරෝධය පළ කර ඇති අතර […]
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව තිබු දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන්.