ඉකුත් 26 වෙනිදා ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වෙනවා. සාගර කුමාර නම් බහුදින ධීවර යාත්‍රාවකින් මොවුන් ධිවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබෙන්නේ.
ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. පාලමක් මතින් ගමන් කරමින් තිබියදී මෙලෙස බස් රථය ඇළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 ක් පමණ සිට ඇති බවයි සදහන් වන්නේ.
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 172 ක් ලෙස සටහන් වී තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ දිනය තුල මෙරටින් හදුනාගත් නව ආසාදිතයින් ගණන 759 දෙනෙක්. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොටුව, […]
නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදු වීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම කොළඹ නගරයේ ජනතාව අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කරනවා. නව වෛරස් ප්‍රභේදය කොළඹ නගරය තුල ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙලෙස ජනතාව වැඩි වශයෙන් ඒ පිලිබදව අවදානය යොමු කල යුතු බවයි පැවසෙන්නේ. හැකි […]
පසුගියදා සග සතු කරනු ලැබූ ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මෙරටට අවේණික කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
එංගලන්තයේ තවත් කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන බව හදුනා ගෙන තිබෙනවා. B.1.525 යනුවෙන් නම්කර ඇති එම වෛරස ප්‍රභේදය ආසදනය වූ පුද්ගලයින් 38 දෙනෙකු මේ වන විටත් හදුනා ගෙන ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා. මේ අතර මෙම නව විකෘති වෛරස් ප්‍රභේදය නිසා එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
අද දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට පමණ කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර […]
රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ හා ඉඩම් අමාත්‍ය විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. අදාළ ගැසට් නිවේදනය පහතින් :
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙකු මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ පානදුර, විලඔය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් 6 දෙනෙක්. ඔවුන් අවුරුදු 40ත් 77ත් යන වයස් සීමාවන්වල පසු වූවන්. අදාළ මරණ සමග මෙරට සිදුව […]
කොවිඩ් වෛරසය වැළඳුණු තවත් රෝගීන් 403 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 756ක්. එලෙස හඳුනා ගැනුණු නව ආසාදිතයින් 403 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 77,184 දක්වා ඉහළ ගියා.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම්. එස්. දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දීය රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසා ගෙන තිබෙනවා. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. දිවි නසා ගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් […]