News Line| Off Air
Generic placeholder image

Feb
15

කළුතර ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවතට

Generic placeholder image

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව එම දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 A වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි. ඊට අදාළ […]


Feb
15

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 400 ඉක්මවා යයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 400 ඉක්මවා ගියා. ඒ, අද තවත් මරණ 6ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව දිවුලන්කඩවල, පල්ලෙතලවින්න, හංවැල්ල, නුගේගොඩ, වත්තල සහ හුන්නස්ගිරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී තිබුණා. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් ඇතුළු 6 දෙනෙක් වන අතර ඔවුන් අවුරුදු 48ත් 80ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති […]


Feb
15

යාපනයේ පාසලක සිසුන්ගේ ඇඳුම් ගලවා පච්ච සෙවූ ගුරුවරුන් පිරිසකට එරෙහිව පැමිණිලි

Generic placeholder image

යාපනය වලිකාමම් හි පාසලක 11 ශ්‍රේණියේ පිරිමි ළමුන් කිහිපදෙනෙකුගේ සිරුරේ පච්ච කොටා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම පාසලේ ගුරුවරුන් පිරිසක් අදාළ සිසුන්ගේ සියලු ඇඳුම් ගලවා පරීක්ෂාවට ලක්කර තිබෙනවා. සිසුන් 72 කුගේ ඇඳුම් එලෙස ගලවා ඔවුන්ව පරීක්ෂා කිරීමට අදාළ ගුරුවරුන් කටයුතුකර ඇති බවටත් එසේ කිරීම ප්‍රතික්ෂේප කළ ළමුන්ට විවිධ තාඩන පීඩන එල්ල කළ බවටත් සිසුන්ගේ […]


Feb
15

තවත් කොවිඩ් රෝගීන් 463ක් – දෛනික ආසාදිතයින් ගණන 774ක් වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛසරය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 774 දක්වා ඉහළ ගියා. එලෙස හඳුනාගත් නව ආසාදිතයින් 463 දෙනා සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් රෝගීන් ගණන දැක්වෙන්නේ 76,428ක් ලෙසයි.


Feb
15

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳ ජනපති සහ අගමැති සිය ශෝකය පළ කරයි

Generic placeholder image

හිටපු කථානායකවරයෙකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අභිලාෂයන් කෙරෙහි දැඩි අවධානයකින් පසු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලුදෙනාගේ බුහුමනට ලක් වූ බවයි. වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා කථානායකවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු ලෙස ශ්‍රී ලාංකීය සමාජයේ නොමැකෙන නාමයක් තැබූවෙක් බවත් සිංහල […]


Feb
15

කොවිඩ් එන්නත් මිලට ගැනීමේ ගිවිසුමට සංශෝධනවලට යටත්ව නීතිපති අනුමැතිය

Generic placeholder image

කොවිඩ් එන්නත් මිලට ගැනීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ආයතනය අතර වන ගිවිසුමට සංශෝධනවලට යටත්ව නීතිපතිවරයා අනුමැතිය දී තිබෙනවා.


Feb
15

නව ආසාදිතයින් 311 දෙනෙක් හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සහ බන්ධනාගාර ඇසුරින් හඳුනාගත් ආසාදිතයින් ලෙසයි. ඒ අනුව පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 301 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බන්ධනාගාර පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 10ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මිනුවන්ගොඩ, […]


Feb
15

කොවිඩ් වෛරසයේ අමුතු ප්‍රභේදයක් කොළඹින් හඳුනා ගනියි

Generic placeholder image

කොළඹ නගරයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම මගින් කොවිඩ් 19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පරීක්ෂණයකට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා කිරීම තුළින් අදාළ ප්‍රභේදය හඳුනා ගත් බවයි. ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත […]


Feb
15

සාමාන්‍ය පෙළ සිසුන්ට 17 සිට 25 තෙක් අධ්‍යයන නිවාඩු

Generic placeholder image

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා ලබන 17 වැනිදා සිට 25 වැනිදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබා දීම බාධාවක්කර ගත යුතු නැති බවයි. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ […]


Feb
15

කොවිඩ් වැළඳී සුව වූවන් ගණන 69,000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය වැළඳී සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව අද 69,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ප්‍රතිකාර ලබමින් සිටි තවත් 715 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය වැළඳී සුව අතට පත් වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 69,411 දක්වා ඉහළ ගොස් ඇති බවයි.


Feb
15

පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු නවතයි

Generic placeholder image

පවතින කොවිඩ් 19 වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වල උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මේ වනවිටත් කිසියම් පාසලක යම් උත්සවයක් සංවිධානය කරමින් පවතින්නේ නම් ඒවා ද අත්හිටුවිය යුතු බවයි. ඊට අදාළ සියලු උපදෙස් පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් මෙන්ම විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති බව ද […]


Feb
15

මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධතා පවත්වන්නන් වසර 20කට හිර ගෙට

Generic placeholder image

මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධතා සංවිධාන කරන්නන්ට සහ පවත්වන්නන්ට එරෙහිව එරට රජය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව එවැනි පුද්ගලයින් වසර 20කට බන්ධනාගාරගත කරන ලෙසට අදාළ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි. මේ වන විට මියන්මාරයේ විරෝධතා උග්‍ර මට්ටමක පවතින අතර ඒවා මර්දනය කිරීම සඳහා මාර්ගවලට සන්නද්ධ රථ යොමු කිරීමට මියන්මාර හමුදා […]


News Articles
Latest Videos
Most Popular Post