නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පැවැති අපරාධ නඩු 26,749ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අවසන්කර තිබෙනවා. ඒ 2019 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ඉකුත් වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළදීයි. එමෙන්ම නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14,000කට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. අදත් එම රැස්වීම පැවැත්වෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් උන්වහන්සේ මේ බව දන්වා තිබුණා. 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 514 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන […]
කිරි ගොවීන් සඳහා අය වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දමන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නා. අය වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. ඒ […]
වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 900ක් ලබා දීමට වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය පැවසුවේ එම කම්කරුවන් සඳහා අයවැය දීමනා ලෙස රුපියල් 100ක මුදලක් ලබා දීමට ද වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා යටතේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් කෙරුණා. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනාවලින් නිදොස් කොට නිදහස් […]
හෙට උදැසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. එය සංවිධාන කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින්. ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පහසුකම් සළසා ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි වේත්‍රධාරීවරයා කියා සිටියේ. එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 740 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව කොවිඩ් වැළඳී සුව වූ මෙරට සමස්ත සංඛ්‍යාව 64,141ක් බවයි එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.
මාර්තු මස 1 වැනිදා සිට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙරට සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඒ යටතේ මධ්‍යස්ථාන 4,000 කදී අදාළ එන්නත ලබා දීමට සැළසුම්කර ඇති බවයි.
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ජෙන්ගොත් නම් ගම්මානය අධික වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර එම ජලය රතු පැහැයක් ගෙන තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ තිබුණු බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීම හේතුවෙන්. කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය මෙලස ජලයට මුසුවී තිබෙන අතර මේ හේතුවෙන් ජලයද රතු පැහැ ගැන් වී තිබෙනවා.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 772 ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයින් 508 දෙනෙකුම හමුව ඇත්තේ බස්නාහිර පළාතෙන්. එයිනුත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ අනුව එම ආසාදිතයින් ගණන 245ක්. කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක්, බොරැල්ල 22ක්, මට්ටක්කුලිය 16ක්, ගොතටුව 12ක්, නවගමුව 13ක්, වැල්ලම්පිටිය 17ක්, කහතුඩුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවලින් ආසාදිතයින් […]