ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් අපේක්ෂා කෙරේ. නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 256 යි. රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වන විට යුක්‍රේනයේ විදුලිබල පද්ධතියේම බිඳ වැටීම වැඩි ඈතක නොවන බවයි යුක්‍රේනය පවසන්නේ. යුක්‍රේනයේ කියෙව්හි නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ, යුක්‍රේනයේ යටිතල පහසුකම්වලට රුසියාව තවත් ප්‍රහාර එල්ල කළහොත් කියෙව් නගරයේ ඉරණම ඉතා නරක අතට හැරිය හැකි බවයි. මේ අතර රුසියාව සමඟ සාම […]
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී ඇත. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
මෙම වසරේ පළමු මාස 10 තුල මඩකලපුව – වාකරේ කොළ පිපිඤ්ඤා අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 10යි දශම 3ක් උපයා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ගොවීන් 500ක් විසින් අක්කර 500ක මෙම වගාව සිදු කර ඇති අතර එහි අස්වැන්න ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරන බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
විදෙස් රටවල සිට මෙරටට තවත් මන්කිපොක්ස් ආසාදිතයින් පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, විදෙස් රටවල මෙය තවමත් පැතිරෙමින් පවතින රෝගයක් වීම හේතුවෙනි. ඒ අනුව රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සඳහන්. මන්කිපොක්ස් සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය චින්තක පෙරේරා මේ බව […]
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර පළාතේත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලබන 8 වනදා සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය වන අතර එය පුර්ණ චන්ද්‍රග්‍රහණය ලෙස ලෝකයට දිස් වුවද ලංකාවට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන් බවයි ඔහු සඳහන් කළේ. එම චන්ද්‍රග්‍රහණය පස්වරු 5.48 සිට 6.19 වෙනතුරු විනාඩි 31ක කාලයක් […]
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි. වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබේ. එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ද උදය කාලයේදීද වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත […]
අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැක. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75කට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]