ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය මේ වනවිට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි. කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයෙන් […]
උත්සව සමයේ සෑම පවුලකටම කාණ්ඩ තුනක් යටතේ සහන පොළියට මූල්‍ය පහසුකම් සැළසීමට රජය තීරණයකර තිබෙනවා. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකි වනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය ලබාගත හැකි වනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල […]
තවත් නව කොරෝනා ආසාදිතයින් 326 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 34,447ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම 8,312 දෙනෙකු තවමත් රෝහල්වල සහ ප්‍රතිකාර […]
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ පස්වරුවේ පළා ගිය කොරෝනා ආසාදිතයා හමු වී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී එලෙස සොයා ගත් බවයි. එම පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් පොලිසිය අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කළා. මේ අතර […]
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 785 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 25, 652 ක් වනවා.
මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැදවියන් 4 දෙනාගේ සිරුරු භූමදානයට ඥාතීන් කළ ඉල්ලීම අධිකරණය අද දහවල් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අධිකරණය විසින් අදාල සිරුරු අද සහ හෙට ආදාහනය කිිිිිිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.
මේ වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 500 සිමාව ඉක්මවා වාර්තා වීමත් සමග අදාල රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේදී රෝහල් තුල තිබෙන ඉඩ පහසුව සලකා බලමින් ඒ සදහා වැඩි දෙනකුට ප්‍රතිකාර සදහා පහසුකම් ඇති රෝහල් , කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීමට ලොව පුරා රටවල් එන්නත් නිෂ්පාදනය සිදු කරමින් තිබෙන අතර පළමු එන්නත ලෙස මේ වන විට ඇමෙරිකාවේ ජනතාවට ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීම ආරම්භ කර දිනකිහිපයක් ගත වී තිබෙන පසුබිමක තව එන්නතක් සදහා අනුමැතිය ලබා දීමට ඇමෙරිකාව සැරසෙන බව වාර්තා වනවා. ඒ අමෙරිකාවේ මොඩර්නා ආයතනය විසින් නිපදවූ එන්නත සදහායි. එම […]
පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ හෙට දින දක්වායි. අදාල නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය කැදවනු ලැබුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය.
කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හමුවීම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට එම දුම්රිය ස්ථානයේ දුම්රියන් නතර කිරිම සිදුවන නමුත් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරිම හා පරික්ෂාකිරීම ආදිය කිසිවක් තාවකාලිකව නවතා තිබෙන අතර දුම්රිය ස්ථානය විෂබීජහරණ කටයුතු වලින් අනතුරුව යළි විවෘත කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් සදහන් කරන්නේ.
මහර ගැටුමේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ පත් කල විද්වත් කමිටුව විසින් සැකසු වාර්තාව අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අදාල ගැටුමෙන් පුද්ගලයින් 11 දෙනකු මිය ගිය අතර එයින් 08 දෙනකුම කොරෝනා ආසාදිතයින් බව පසුව අනාවරණය වූණා. කෙසේ වෙතත් එහිදී ඉන් සිව් දෙනෙක්ගේ දේහ භූමදාන කිරීමට එම රැඳවියන්ගේ ඥාතීහු අධිකරණයෙන් […]
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ පැන ගිය කොරෝනා අසදිතයාගේ ජායා රූපයක් මේ වන විට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව අදාල පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහ ජනයාගෙන් ඉල්ලා සිටිනවා. අදාල සැකකරු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන […]