පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් අද උදෑසන පළා ගිය රැඳවියා මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි. බන්ධනාගාරය තුළ ඔහු ඇතුළුව නිරෝධායනයට යොමු කර සිටි තවත් රැඳවියන් 5 දෙනෙකු අද උදෑසන ඉන් පළා යාමට තැත්කර තිබුණා. ඉන් තිදෙනෙක් අල්ලාගත් අතර එක් අයෙකු මියගිය බවයි […]
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 377 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12,587ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම තවදුරටත් ආසාදිත රෝගීන් 5422ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා වාර්තාවේ දැක්වෙනවා.
නව කොරෝනා වෛරසය ලොව පුරා මිනිස් ජීවිත බිලි ගැනීම ආරම්භකර ඊයේ දිනයට වසරක් සපිරෙනවා. නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ ප්‍රථම වරට තොරතුරු වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්. ඒ, පසුගිය වසරේ නොවැම්බර් මස 17 වැනිදායි. නව කොරෝනා වෛරසය මිනිසෙකුගේ ශරීරයට මුලින්ම ඇතුළු වන්නේ සත්ත්වයෙක් මගින් බව ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙනවා. 2003 […]
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අධිකරණ විවෘතකර නඩු කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලමින්. රැඳවියන් 10 දෙනෙකු පමණ බන්ධනාගාර වහලය මතට නැග මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ
2021 වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නතක් ලබා දීමට තමන් උපරිම උත්සහ කරන බව ඔලිම්පික් සංගමයේ සභාපති තෝමස් බාක් මහතා සදහන් කරනවා. ජපන් අගමැතිවරයා ඒ පිලිබදව සෞඛ්‍ය බලධාරීන් සමග කතිකා කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.
පාසල්වල තෙවන වාරය ලබන 23 වැනිදා ආරම්භ කරනවාද? නැද්ද? යන්න පිළිබඳව, අද දිනයේ අවසන් තීරණය ප්‍රකාශ කරන බව වාර්තා වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කොවිඩ් -I9 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී ය.
විදේශයන්හි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් 381 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණ තිබෙන්නේ. සියලු දෙනා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙත නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
අද දිනට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1945 වසරේ නොවැම්බර් මස 18 වැනිදා හිටපු නියොජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ මහත්මියට දාව සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස උපත ලද පර්සි මහින්ද රාජපක්ෂ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්දා,තර්ස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් යන […]
ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 398 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත ගණන 18,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 18075 ක් ලෙසයි. මෙරට මේ වන විට කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ගණන 12,210 ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 5799 ක්. නිරෝධායන මධ්‍යස්ථාන 33 කදී පුද්ගලයින් 3281 තවමත් […]
මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරු 9.27 ට පමණ භු චලනයක් වාර්තා වී තිබෙනවා. එය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ මෙය ඒකක 2 -2.5ත් අතර අගයකින් සටහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදියි.
බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කිරීම සදහා CID යෙන් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාල විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.