ඊයේ රාත්‍රියේ දී බෝගම්බර පැරණි හිර ගෙදරින් රැඳවියන් පස් දෙනෙකු පළා යැමට උත්සහා දරා ඇති අතර එහිදී පළා යෑමට තැත් කල අයෙක් බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන අතර තවත් රැඳවියෙකු පළා ගොස් තිබෙනවා. එහිදී පළා යෑමට තැත් කල තවත් රැඳවියන් තිදෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් කොටු කර ගෙන තිබෙනවා.
ඊයේ හමු වූ කොරෝනා නව ආසාදිතයින් ගණන 398 වූ අතර එයින් ආසාදිතයින් 210ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තා වනවා. ඊයේ දිනයේ දිස්ත්‍රික්ක අටකින් ආසාදිතයින් වාර්තා වූ අතර පොලීසියේ හා බන්ධනාගාර ආශ්‍රිතව ද ආසාදිතයින් හමුව තිබෙනවා.
2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම ඊයේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී රාජ්‍ය අංශය වෙනුවෙන් සහන ලබා දී තිබූ අතර ක්ෂේත්‍ර රැසක් සඳහා සහන සහ සංශෝධන සහිත යෝජනා ඉදිරිපත් වුණා. එම යෝජනා පහතින් : විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීම ඉදිරි වසර 5 තුළ කෘෂිකර්මාන්තය, සත්ත්ව හා […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අද රාත්‍රි 8.30ට යි.
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි. දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලි මීටර 50ට වැඩි […]
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පස් දෙනෙක් ඊයේ රාත්‍රී පැන යාමට තැත්කර තිබෙනවා. ඉන් තිදෙනෙක් අල්ලාගෙන ඇති අතර එක් අයෙක් පැන යාමට තැත් කළ අවස්ථාවේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් තවත් රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරින් ජනරාල්වරයා පැවසුවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වරාය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එම කටයුතු අත්‍යාවශ්‍යය සේවාවක් කරමින් මෙලෙස ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. එම ගැසට් නිවේදනය පහතින් :
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ, ඊයේ රාත්‍රී තවත් මරණ 5ක් වාර්තා වීමත් සමගයි. කොළඹ 10, රත්මලාන, කිරුළපන, කොළඹ 02 සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 5 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ අපවත් වී ඇති අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්. 2012 වසරේ සැප්තැම්බර් මස රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ඉන් පෙර එම නිකායේ අධිකරණ සංඝ නායක […]
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයෙන් ඉදිරියේදී ඉවත්ව යනු ඇතැයි විශ්වාස කෙරෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී නව රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඔහු මෙලෙස නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානම් බවයි ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය […]
2021 වසර සඳහා වන අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පස්වරු 1.40ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමග මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා.
අධිකරණයට අපහාස කළේ යැයි රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව යළි කැඳවීමට දින නියමකර තිබෙනවා. ඒ අනුව එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි කැඳවනු ලබන්නේ එළැඹෙන දෙසැම්බර් මස 8 වැනිදායි.