ව්‍යාපාරයක් ලෙස සිඟමන් යදින පිරිස් සොයා එවැනි පුද්ගලයින්ට විරුද්ධව ඉදිරියේදී නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියයට 95ක පිරිස සැබෑ යාචකයින් නොවන බවත් ඒ හරහා ව්‍යාපාරවල යෙදෙන පිරිස් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. විශේෂයෙන් මාර්ගවල ලාම්පු සංඥා ආසන්නයේ වාහන නවතා එවැනි පුද්ගලයින්ට මුදල් […]
බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බන්ධනාගාර ආශ්‍රයෙන් නව ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
තම පෙම්වතියගේ චරිතයට හානියක් වන අන්දමින් අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරාපොළ, බෝපැත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. දෙපාර්ශ්වයේම කැමැත්ත මත එම යුවළ විවාහ වීමට සිට ඇති අතර පෙම්වතිය ඊට අකමැත්ත පළ කිරීම නිසා උරණ වූ පෙම්වතා සිය පෙම්වතියගේ චරිතයට කැළැලක් ඇති වන ආකාරයෙන් සැකසූ අසභ්‍ය ඡායාරූප මෙලෙස මුහුණුපොතට එක්කර […]
2021 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වනවිට පැවැත්වෙන අතර එහිදී අයවැය සඳහා අනුමැතිය හිමි වුණා. අද පස්වරුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා පස්වරු 1.40ට පාර්ලිමේන්තුව […]
යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ලබන 23වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ සමාලෝචනය කෙරෙන බවයි. එහිදී කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා […]
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පේරාදෙණිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔහුට සිදු කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත් එම නිලධාරියාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන ලෙසටත් […]
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පශු රෝහලක් ඉදි කිරීම සිය එක් අරමුණක් බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. මෙරට පශු වෛද්‍ය සේවාව බහුලව තිබුණත්, ජනතාවට සහන මිලකට මෙන්ම පූර්ණ වගකීමක් සහිතව තම සේවාව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය පශු රෝහල්වල […]
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම සහ ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම ඊයේ සිදු කෙරුණා. ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙක් ගුවන් හමුදාවට එක් වීම, ප්‍රථම වරට කාන්තා කැඩෙට් නිලධාරිනියක් සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම, ප්‍රථමවරට ජනාධිපති වර්ණ ධජ සමන්විත විසිර […]
කොළඹ – නෙළුම් පොකුණ රංග ශාලාව ආසන්නයේදී මෝටර් රථ අලෙවිසැලක ජීප් රථයක් ගැටී ඊයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණිය ඇප මත නිදහස්කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදු නොවීම යන කරුණ සළකා ඇයට ඇප දී ඇති බවයි. එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ සිටි තවත් […]
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විකල්ප යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දීම ඊයේ සිදු කෙරුණා. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් මහා සංඝරත්නය විසින් අදාළ යෝජනා අතුළත් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවේ, විජේරාම පිහිටි නිල නිවසේදී්‍යි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව […]
2021 වසර සඳහා වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම අද පස්වරු 1.40ට ආරම්භ වන අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී අයවැය යෝජනා සභාවට ඉදිරිපත් කරනු ඇති. මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75වැනි අයවැය වාර්තාවයි. අයවැයට අදාළ විවාද සහ ඡන්ද විමසීම් දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනු […]
දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවලට ඉහතින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්. […]