News Line| Off Air
Generic placeholder image

Jan
4

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් ඊයේ නිවේදනය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) නාරහේන්පිට අභයාරාමයට ගියා. ඒ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහායි.


Jan
4

ආසාදිතයින් 365ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 365ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,300ක් දක්වා ඉහළගොස් තිබේ.


Jan
4

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 ඉක්ම වූ වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකළපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් […]


Jan
3

පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා වන ගාස්තුව 20% කින් ඉහළට

Generic placeholder image

ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ අද සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා වන ගාස්තුව 20% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Jan
2

කොවිඩ් මරණ 24ක්

Generic placeholder image

කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති මරණ බවය. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,019ක්.


Jan
2

නව වසරේ පාසල් ආරම්භය හෙට

Generic placeholder image

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු හෙටින් (03) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.


Jan
2

අද කාලගුණය

Generic placeholder image

උතුරු, අතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු, අතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට […]


Dec
31

මහා බ්‍රිතාන්‍ය තුළ බරපතල ලෙස පී.සී.ආර් හිඟයක්

Generic placeholder image

මහා බ්‍රිතාන්‍යය තුළ බරපතල ලෙස පී.සී.ආර් කට්ටල හිඟයක් ඇති වී තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ලබන පෙබරවාරි වන විට පී.සි.ආර්. කට්ටල ප්‍රමාණය තුන් ගුණයකින් වැඩිකරන බවයි මහා බ්‍රිතානයේ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පවසන්නේ. මේ නිසා ජංගම පී.සි.ආර්. පරීක්ෂණ ඇණ හිට තිබෙනවා.


Dec
31

අදත් දිවයින පුරා ගෑස් පෝලිම්

Generic placeholder image

අදත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. අලූත් අවුරුද්ද ලබන කොටත් ජනතාවට ගෑස් පෝලිම් වල ඉන්න සිදුවෙලා. ගෑස් කඩවල ගෑස් බලන්නයි අහිංසක පාරිභෝගිකයින්ට සිදුව ඇත්තේ.


Dec
31

මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Generic placeholder image

පෞද්ගලික ජෙට් යානාවලින් සංචාරය කිරීම වෙනුවට මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සක්වල නියමු ව්‍යාපෘතිය අරඹමින් විපක්ෂනායකවරයා මේ අදහස් පල කළා.


Dec
30

ඩෙල්ටා වෛරසයට වඩා ඔමික්‍රෝන් පැතිරීම වේගවත් – ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් අනතුරු අඟවයි

Generic placeholder image

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් ඔමික්‍රෝන් ලෝකය පුරා පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයෙත් අනතුරු ඇඟවූවා. ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල මාරාන්තික තත්ත්වයන් ඇති කිරීම අවම බව විශේෂඥ මතයයි. නමුත් ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ අගයක් ගන්නවා. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ගෙවුණු සතිය තුළ පමණක් නව කොවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක් ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඒ […]


Dec
30

මුළු අමෙරිකාවම සීතල වෙද්දී ඇලස්කාව පමණක් උණුසුම් වේ

Generic placeholder image

සමස්ත අමෙරිකාව පුරාම දැඩි සීතලක් පැතිර යමින් තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ශීතල වැඩිම ප්‍රාන්තය වනුයේ ඇලස්කාවයි. නමුත් ඊයේ ඇලස්කානු ඉතිහාසයේ ඉතා අසාමාන්‍ය තත්ත්වයක් වාර්තා වුණා. ඒ සෙල්සියස් අංශක 19.4ක අධික උෂ්ණත්වයක් සටහන් වීමත් සමඟයි. විශේෂයෙන් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අතිශය අසාමාන්‍ය තත්ත්වයක් බවයි එරට දේශගුණික අංශ පෙන්වා දී ඇත්තේ. බොහෝ විට සති අග වන විට […]


News Articles
Latest Videos
Most Popular Post