News Line| Off Air
Generic placeholder image

Dec
23

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවීමට තීරණයක්

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රී 12න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.


Dec
23

ඇෆ්ගනිස්ථාන වැසියන් දරුණු ආහාර හිඟයක – අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීමට පියවර

Generic placeholder image

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගෙන සිව් මසක් ගත වී අවසන්. මේ වන විට ඇෆ්ගනිස්ථානය බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දින කිහිපයක සිට ඇෆ්ගන් ජනතාව දරුණු ආහාර හිඟයක් හමුවේ පිඩා විඳිමින් සිටිනවා. මිලියන 23කට අසන්න ජනතාවක් ආහාර අර්බුදය හමුවේ පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන […]


Dec
23

චීනයේ නගරයක් වැසේ

Generic placeholder image

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියැන් නගරයයි. අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. ෂියැන් නගරයේ පුද්ගලයින් මිලියන 13 කට අධික පිරිසක් මේ වන විට ජීවත් වනවා.


Dec
23

LPL අවසන් මහා තරගය අද හම්බන්තොට දී

Generic placeholder image

2021 LPL අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද රාත්‍රී 7.30 ට ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නායක තිසර පෙරේරා විසින් ද, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නායක භානුක රාජපක්ෂ විසින් ද මෙහෙයවනු ලබනවා.


Dec
22

ජර්මනිය නව වසරට පෙර සංචරණ සීමාවන් දැඩි කිරීමට පියවර

Generic placeholder image

ජර්මනිය නව වසරට පෙර සංචරණ සීමාවන් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජර්මනියේ ප්‍රාන්ත 16ක සමාජ ශාලා සහ ආපන ශාලා වසා දැමීමට පියවර ගත් බවයි චාන්ස්ලර් ඔලාබ් ශෝල්ස් ප්‍රකාශ කළේ. නව කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඇස් වසා නොගතයුතු බවයි ශෝල්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ.


Dec
22

නොරොච්චෝලයේ යළි දෝෂයක් – ප්‍රදේශ රැසකට විනාඩි 45ක විදුලි කප්පාදුවක්

Generic placeholder image

නොරොච්චෝලේ බලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් කිරීමට සිදු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ හේතුවෙන් අද දිනයේ විනාඩි 45ක පමණ කාලයක් ඇතැම් ප්‍රදේශවලට විදුලි කැපීමක් සිදුවනු ඇති.


Dec
21

උත්සව සමය අවසන් වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යා හැකියි – අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඥයින් අනතුරු අඟවයි

Generic placeholder image

උත්සව සමය අවසාන වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අමෙරිකා එක්සත් ජනපද විශේෂඥයින් අනතුරු අඟවනවා. සම්පුර්ණයෙන් ම එන්නත් කළ පුද්ගලයින් අතර ද නව වෛරස ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි විශේෂඥයින් පවසන්නේ. ඔමික්‍රෝන් පැතිරීමේ වේගය වැඩි බවත්, ඒ පිළිබඳව කිසිදු සැකයක් නැති බවත් ආචාර්ය ඇන්තනී ෆවුසි පවසනවා. ඔහු පවසන්නේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය […]


Dec
21

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ […]


Dec
17

රායි සුළි කුණාටුව පිලිපීනයට

Generic placeholder image

පිලිපීනයට රායි සුළි කුණාටුව කඩා වැදී තිබෙනවා. මෙය පිලිපීනයට බලපෑ ප්‍රබලම සුළිකුණාටුව බවයි වාර්තා වන්නේ. සුළි සුළඟ හමායන ප්‍රදේශයේ ගම්මාන දස දහසක් පමණ තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පැයට කිලෝ මීටර් 185ක පමණ වේගයකින් රායි ගමන් කරන බව වාර්තා වනවා. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති අතර බොහෝ පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් […]


Dec
17

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හමු වෙයි

Generic placeholder image

ඔමික්‍රෝන් වෛරසය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙකු මෙරටින් තහවුරු වී ඇති බව ආචාර්ය චන්ද්‍රිම ජීවන්දර මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිනයින් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර එළඹෙන 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙරට එන්නත්කරණ වැඩසටහන අගය කර තිබෙනවා.


Dec
16

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටෙයි

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් සංචිත නැතිකම, ජාත්‍යන්තර ආධාර පමාවීම ආදී කරුණු රාශියක් නිසා රට තුළ බරපතල අහාර සේම ඖෂධ හිඟයක් ද ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට කුඩා දරුවන් දහස් ගණනක් මන්දපෝෂණය නිසා මරණයේ දොරකඩට පැමිණ සිටින බව මාධ්‍ය වාර්තා කරන්නේ.


Dec
16

ආසාදිතයින් 772ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයන් 772දෙනෙක් ඊයේ (15) දිනයේ වාර්තා වී ඇත. මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 576,966ක් දක්වා ඉහළගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post