News Line| Off Air
Generic placeholder image

Dec
16

යුගදනවි පෙත්සම සලකා බැලීම අද ඇරඹේ

Generic placeholder image

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම අද ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙයි. පෙත්සම සලකා බැලීම අද සේම හෙටත් සිදු කෙරනවා.


Dec
16

ඩොමිනිකන් ජනරජයේ ජෙට් යානයක් කඩා වැටේ – පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට

Generic placeholder image

ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ සියලුදෙනා මියගොස් තිබෙනවා. එම අනතුරෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Dec
14

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේලට

Generic placeholder image

හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ වසරක කාලයක් සඳහායි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසු මහේල ජයවර්ධන මහතා ලොව ප්‍රධාන ලීග් රැසක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්.


Dec
13

ආසියාවේ රැජින ලෙස නම් කළ ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

Generic placeholder image

ලොව විශාලතම තනි ස්වාභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බව වාර්තා වනවා. එම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310 ක් වන බව සඳහන්. ක්වින් ඔෆ් ඒෂියා ලෙස මෙම නිල් මැණික නම් කර තිබෙනවා.


Dec
10

දුම්රිය වර්ජනයකට සුදානමක්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.


Dec
10

තෘතීයික අධ්‍යාපන ක්‍රමය තුළ වෙනස්කම් රැසක් අවශ්‍යයි – ජනපති අවධාරණය කරයි

Generic placeholder image

තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමින්.


Dec
8

දුම්රියක ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Generic placeholder image

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.


Dec
7

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය සිය නිවසට – ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Generic placeholder image

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රාවල් පිණ්ඩි හි දී අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්වී තිබෙනවා. මෙම සැකකරු මගී බස්රථයක ගමන් කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ ගනේමුල්ල පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවා. අදත් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් සහ ආගමික නායකයින් […]


Dec
7

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

Generic placeholder image

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒ අනුව යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.


Dec
6

ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ වූවන්ට උපරිම දඩුවම් ලබාදෙනවා – පාකිස්තාන අගමැති සහතික වෙයි

Generic placeholder image

පාකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර මහතා කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව එරට මාධ්‍ය පවසනවා. මේ අතර ම්ලේච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා. ඒ පසුගියදා පස්වරුවේ දුරකතන සංවාදයකට එක්වෙමින්.


Dec
3

ඔමික්‍රෝන් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Generic placeholder image

‍මෙරටින් පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.


Dec
3

ඔමික්‍රෝන් දැනටමත් ලංකාවට ඇවිත් තිබෙන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

Generic placeholder image

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිටත් ලංකාව තුළ පැතිරී තිබිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. කොවිඩ් රෝගය යම් ප්‍රදේශයක වේගයෙන් පැතිරෙන බවට තහවුරු වුවහොත් එම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නියැදි පරීක්ෂණ සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post