News Line| Off Air| Games
Generic placeholder image

Dec
30

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසාදැමේ

Generic placeholder image

බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව යළි තාවකාලිකව වසාදැමීමට සිදුවී තිබේ. බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එලෙස ජනවාරි 3වනදා සිට තෙල් පිරිපහදුව වසාදමන බවයි.


Dec
29

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉහළට – මහ බැංකු අධිපති

Generic placeholder image

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.


Dec
28

මට්ටකුලිය ප්‍රදේශයේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

Generic placeholder image

මට්ටකුලිය ප්‍රදේශයේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇත.


Dec
27

ආහාර අර්බුදය ඉදිරියේ දී ප්‍රබල විදියට එනවා – හිටපු ජනපති මෛත්‍රී කියයි

Generic placeholder image

ඉදිරියේ දී ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සිය ධූර කාලය තුළ වසර 04 කට වැඩි කාලයක් තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. තමන්ට ඉදිරිපත් නොකළ කොන්දේසි වත්මන් රජයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.


Dec
22

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන්

Generic placeholder image

ජනමාධ්‍ය අමාත්‍යාංශයට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. අනූෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.


Dec
21

ජනප්‍රිය ගායිකා යොහානිට අගනගරයෙන් පර්චස් 9.6 ක ඉඩමක් – කැබිනට් මණ්ඩලය තීරණය කරයි

Generic placeholder image

ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඇඟයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ඇයට කොළඹ නගරයේ පර්චස් 9.6 ක බිම් කොටසක් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.


Dec
17

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

බ්‍රිතාන්‍යයට ශීත ඍතුව ආරම්භ වී තිබෙනවා. ශීත ඍතුව ආරම්භයත් සමඟ නව කොවිඩ් රැල්ලක් ද ආරම්භ වුවා. මෙවර කොවිඩ් ව්‍යාප්තියේ විශේෂත්වය වනුයේ කොවිඩ් ප්‍රභේද දෙකක් දක්නට ලැබීමයි. ඒ කොවිඩ් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදයි. ගෙවුණු සතිය තුළ පමණක් නව කොවිඩ් ආසාදිතයින් 442378 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 88,000කට වැඩියෙන් වාර්තා වූ […]


Dec
17

ශ්‍රී පාද වන්දනාව හෙටින් ඇරඹේ

Generic placeholder image

ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ උදුවප් පොහොයත් සමඟයි. වන්දනාවට එක්වන බැතිමතුන්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කරමින් පසුගියදා අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කළා. සුමන් සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සදාතුක කරඬුව රැගත් රථ පෙරහර අද අලුයම ශ්‍රී පාද මළුව වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.


Dec
16

ඩොමිනිකන් ජනරජයේ ජෙට් යානයක් කඩා වැටේ – පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට

Generic placeholder image

ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ සියලුදෙනා මියගොස් තිබෙනවා. එම අනතුරෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Dec
14

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේලට

Generic placeholder image

හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ වසරක කාලයක් සඳහායි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසු මහේල ජයවර්ධන මහතා ලොව ප්‍රධාන ලීග් රැසක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්.


Dec
13

ආසියාවේ රැජින ලෙස නම් කළ ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

Generic placeholder image

ලොව විශාලතම තනි ස්වාභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බව වාර්තා වනවා. එම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310 ක් වන බව සඳහන්. ක්වින් ඔෆ් ඒෂියා ලෙස මෙම නිල් මැණික නම් කර තිබෙනවා.


Dec
10

දුම්රිය වර්ජනයකට සුදානමක්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post