News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

අද සිට Wagon R වල අලුත්ම මිල ගණන් මෙන්න.

1695 Views


අද සිට Wagon R වල අලුත්ම මිල ගණන් මෙන්න.

වාහන මිල ඉහළ යන විදියට අද හෙටම ආයෙත් බර කරත්තෙන් යන්න වෙයිද කියලා හිතෙනවා. ලංකාවේ වාහනයකට බඩුම විතරක් වාහනේ වටිනාකම වගේ දෙතුන් ගුණයක් ගෙවන්න සිද්ධ වෙනවා.

අද ආයෙමත් වාහනවල බදු මිල ඉහළ දැම්මා. එන්ජින් ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ වල නිෂ්පාදන බදු තමයි මේ විදියට ඉහළ දාලා තියෙන්නේ. පහුගිය කාලයේ එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවීම තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ.

1000CC අඩු සාමාන්‍ය රථ වල බදු රුපියල් ලක්ෂයකින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව දැන් 1000CC අඩු සාමාන්‍ය රථයකට රුපියල් ලක්ෂ 15 ක් ගෙවන්න වෙනවා. 1000CC අඩු දෙමුහුන් රථ (හයිබ්‍රිඩ් රථ) වල බදු මිල රුපියල් ලක්ෂ 4 කින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව 1000CC හයිබ්‍රිඩ් රථසඳහා රුපියල් ලක්ෂ 12.5 ක් බදු විදියට ගෙවන්න වෙනවා.

මේ තියෙන්නේ වැඩි වුන මිලත් එක්ක වාහනවල අලුත්ම මිල ගණන්.

 


News Articles
Latest Videos
Most Popular Post