News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

නවසීලන්ත අගමැතිනිය කුළුඳුල් දරුවා බිහිකරයි.

582 Views


නවසීලන්ත අගමැතිනිය කුළුඳුල් දරුවා බිහිකරයි.

ලෝකේ මොනතරම් ඉහළ තනතුරු තිබ්බත් මව් පදවිය තරම් ඉහළ තනතුරක් නෑ. රටේ අගමැති වුනත් ජනාධිපති වුනත් මව් පදවිය තරම් ඒ කිසිවක් ඉහළ නෑ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහි කරා. පුංචි දියණියක් තමයි ඇයට ලැබිලා තියෙන්නේ. මෑත ඉතිහාසයේ බලයේ සිටින රාජ්‍ය නායිකාවක් දරු ප්‍රසුතියක් සිදුකල ලොව දෙවන අවස්ථාව මෙය වනවා.

දරුවා බිහිකිරිම සදහා වෛද්‍යවරුන් ලබාදී තිබු කාලය ඉක්මවා දින 04 කට පසුව නවසීලන්ත අගමැතිවරිය අද සිය දරුවා බිහි කරේ. දෙදෙනාම සුවයෙන් ඉන්නවා කියලයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

“අද මම බෙහෙවින් සතුටු වන දවසක්, ඒ වගේම රෝහලේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිය පුදකරනවා” යැයි නවසීලන්ත අගමැතිවරිය සිය Instagram වල සටහනක් තියලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post