News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ ළමුන් ළමුන් සිව්දෙනෙකු මුදාගැනෙයි

1300 Views


තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ ළමුන් ළමුන් සිව්දෙනෙකු මුදාගැනෙයි

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමක ළමුන් 12 දෙනා හා පුහුණුකරු අතුරින් ළමුන් සිව්දෙනෙකු මුදා ගැනීමට මෙහෙයුම්වල නිරත පිරිස් සමත් වී තිබෙනවා.

මෙරට වේලාවෙන් ඊයේ රාත‍්‍රී 7.30 පමන වන විට තායිලන්ත රජය දැනුම් දුන්නේ බේරාගත් ළමුන් සිව්දෙනා රෝහල්ගත කිරිමට පියවර ගත් බවයි.

මුදා ගැනීමේදී එක් දරුවෙකුට පලපුරුදු කිමිදුම් කරුවන් දෙදෙනෙකු බැගින් ලබාදී ඇති අතර එහිදී දරුවාට අවශ්‍ය ඔක්සිජන් හා අනිකුත් ද්‍රව්‍ය කිමිදුම් කරුවන් දෙදෙනා අත එවා තිබෙනවා.

කෙසේ වෙතත් කිමිදුම් කරුවන් අධික ලෙස වෙහෙසට පත්වීම නිසා මෙහෙයුම් කටයුතු යලි අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි.

අද දිනයේ තවත් ළමුන් තිදෙනෙකු රැගෙන ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

ගුහාවේ සිටින සියලූදෙනා මුදා ගැනීමට බොහෝ විට දින දෙක තුනක් ගත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ළමුන් පිටතට පැමිණීමේදී බාධා ඇති විය හැකි බැවින් සියලූ‍ම මාධ්‍යවේදීන් ගුහා පිවිසුමෙන් ඉවත් කර ඇති අතර පිටතට පැමිනි වහාම ළමුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානා සපයා තිබෙනවා.

මෙහෙයුමට අවශ්‍ය ද්‍රව්‍ය හා හදිසි තත්වයකදී අවශ්‍ය දේ සපයා ගැනීමට සියලූ‍ හමුදා කදවුරු සීරුවෙන් තබා ඇති බව සදහන්.

ගුහාව අවට සිට හමුදා කදවුරු, රෝහල් හා වෙනත් මෙහෙයුමේදී වැදගත් ස්ථාන වෙත යාමට අවශ්‍ය මාර්ග මෙහෙයුම අවසන් වන තුරු වසා දමා ඇති බවයි තායිලන්ත මාධ්‍ය සදහන් කලේ.

මීට අමතරව ළමුන් දිරිමත් කිරීම සදහා පාපාන්දු සම්මේලනය විසින් මොවුන්ට පාපාන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය නැරබීමට විශේෂ ආරාධිතයන් වශයෙන් ආරාධනා කර තිබෙනවා.

පලපුරුදු ජාත්‍යන්තර කිමිදුම්කරුවන් 13 දෙනෙකු සමග තායිලන්ත නාවික හමුදා සීල් භටයින් 5 දෙනෙකු එකතුව ගුහාවේ සිරවී සිටින පාපන්දු කණ්ඩායම මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වුණේ ඊයේ පෙරවරුවේ සිටයි.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post