අද(26) දිනයේ දීත් පස්වරු 4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අමාත්‍යවරිය මේ බව තහවුරු කළා.
මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වු කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 102 වන බවත් අමාත්‍යවරිය පැවසුවා.
කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිව් දෙනෙක් සුවය ලබා අද රෝහලෙන් පිටව ගිය බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.