News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

වයඹ පළාත් සභාව අද Expire වෙයි

411 Views


වයඹ පළාත් සභාව අද Expire වෙයි

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වනවා. එම පළාත් සභාවේ පාලන කටයුතු ආණ්ඩුකාරවරයා යටතට පත්වන බවයි රජය සදහන් කළේ.

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය පසුගිය 08 වනදා අවසන් වූ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වනදා අවසන් වීමට නියමිතයි. මෙම පළාත් සභා තුනෙහි කාලය අවසන්විමෙන් අනතුරුව පළාත් සභා 06 ක කාලය නිල වශයෙන් අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුගිය වසරේදී සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වුණා . කෙසේ වෙතත් සීමා නීර්ණ කමිටු වාර්තාවේ පවතින ගැටළු හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විම මේ වන විට අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.

මේ අතර පළාත් සභා ඡන්ද ක‍්‍රමය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විමසා තිබෙනවා.
පළාත් සභා ඡන්ද ක‍්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට මැතිවරණ කොමිෂන් සභාව විසින් කැදවා ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජය වීම හේතුවෙන් එය සමාලෝචනය කිරීම සදහා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ කතානායකවරයා විසින්. එම සමාලෝචන කටයුතු සදහා මාස 02 ක කාලයක් ගත වන බව අදාළ කමිටුව කතානායකවරයාට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post