News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

2020 ඉඳන් T20 තරඟ වලට එන පළුදු කරන්න බැරි අලුත්ම පන්දුව මෙන්න. – Photo

1071 Views


2020 ඉඳන් T20 තරඟ වලට එන පළුදු කරන්න බැරි අලුත්ම පන්දුව මෙන්න. – Photo

මේ දවස්වල ක්‍රිකට් පිටියේ ප්‍රධාන මාතෘකාවක් තමයි පන්දුව පළුදු කිරීම. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ටත් ICC ය චෝදනා කරා. මේ අතරේ පළුදුඩ් කරන්න බැරි බෝලයක් හඳුන්වා දෙන්න යනවා.

ලෝක ප්‍රකට කොකබුරා සමාගම තමයි මේ පන්දුව හඳුන්වා දෙන්න යන්නේ. “Turf 20” කියලා තමයි මේ පන්දුව නම් කරලා තියෙන්නේ. 2020 වසරේ ඕසට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට පෙර එය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහාත් හඳුන්වා දෙන්න සැලසුම් කරලා තියෙනවා.

මේ පන්දුව පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර සමබරතාවක් ඇති කරයි කියලයි එම සමාගම සඳහන් කරන්නේ. Turf 20 පන්දුව පැරණි පන්දුවට වඩා ශක්තිමත් භාවයෙන් වැඩියි. ඒ නිසා පන්දුව කලින්ට වඩා වේගයෙන් පිතිකරුවන් වෙත එයි කියලා විශ්වාස කරනවා. පිතිකරුවන්ට දැවැන්ත පහරවල් වලට යන්න ඒ නිසා පුළුවන් වේවි.

කලින් පන්දුවේ දාරයට වඩා අලුත් පන්දුවේ මැස්මත් ශක්තිමත්. ඒ නිසා පන්දු යවන්නන්ටත් වැඩි වාසි ලබා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post