News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

පණ පිටින් ඉන්න Photo එකක්වත් නැති, ලංකාවේ සුදු ගෝනන් කිහිප දෙනාගෙන් එකෙක් වෙඩි පහරින් මරුට

691 Views


පණ පිටින් ඉන්න Photo එකක්වත් නැති, ලංකාවේ සුදු ගෝනන් කිහිප දෙනාගෙන් එකෙක් වෙඩි පහරින් මරුට

පරිසර විනාශය මේ වනකොට සීග්‍ර ලෙස ලංකවේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒත් එක්කම පරිසර පද්ධති වල වඳ වී යන සත්ව විශේෂ ද දඩයම්කරුවන් අතින් ඝාතනයට ලක් වෙනවා. කොහොම හරි මීට දින කිහිපයකට කලින් සිංහරාජ වනාන්තරයේ ජිවත් වුණු ඉතා දුර්ලභ ගණයේ සත්වයෙක් වන සුදු ගෝනා ද මරා දමා තිබුණා.

මේ විදිහට මියගිය සුදු ගෝනගේ සිරුර හමුවෙලා තියෙන්නේ සිංහරාජ වනාන්තරයට මායිමේ පිහිටි තේක්‌ක වත්තක තිබිලයි. සිංහරාජය ආසන්නයේ ගමක කාන්තාවක් තමයි මෙම සිදුවීම වනජීවී කාර්යාලයට දැනුම් දීලා තිබුණේ. ඇය කියන විදිහට නම් කිසියම් පිරිසක් විසින් සුදු ගෝනාට වෙඩි තබා මරා දමා තිබෙනවා. කොහොම හරි මේ සිද්ධිය ගැන හොයන්න මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කළා කියලයි සිංහරාජ අඩවි ආරක්‌ෂක ආර්. ඒ. එස්‌. රනුක්‌කන්ද මහතා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post