News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

එක්තැන් වුණ අලි පැටියට ගස් නැග වරකා කඩා දුන් තෙවරප්පෙරුම ඇමතිතුමා (PHOTOS)

2070 Views


එක්තැන් වුණ අලි පැටියට ගස් නැග වරකා කඩා දුන් තෙවරප්පෙරුම ඇමතිතුමා (PHOTOS)

තෙවරප්පෙරුම ඇමතිතුමා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. ඉතින් ඔහු කරපු තවත් වෙනස් විදිහේ වැඩක් තමයි මේ කියන්න යන්නේ. අනුරාධපුර අවට ප්‍රදේශවල වල් අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් තොරතුරු හොයල බලන්න පෙරේදා 18 උදේ හොරෝව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයට පැමිණි තෙවරප්පෙරුම ඇමතිතුමා ආවා.ඒ වෙලාවේ පාදයකට තුවාල සිදු වී ඇවිදීමට අපහසුවෙන් තිරප්පන්කඩවල වැව් ඉස්මත්තේ සිටින අලි පැටවකු බලන්න ඇමතිවරයා ගියා. මේ අලි පැටවාට ආහාර හිඟවී ඇති බව දැගගන්න ලැබුණු ඇමතිතුමා තිරප්පන්කඩවල ප්‍රදේශයේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් වරකා ගස්වලට නැගල, මේ අලි පැටියට කන්න වරකා කඩලා දුන්නා.

පයකට තුවාල සිදුවීම නිසා ඇවිදීන්න බැරුව ඉන්න අලි පැටවාට ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න කියලත් නියෝජ්‍ය ඇමැතිවරයා වනජිවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාට උපදෙස් දීල තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post