News Line| Off Air| Games
Generic placeholder image

Jul
22

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පාන්දරම දඹුල්ලේ කුණු අවුස්සයි. – Photo

731 Views


නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පාන්දරම දඹුල්ලේ කුණු අවුස්සයි. – Photo

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා කොයි වෙලෙත් රටේ කතා බහට ලක්වෙන චරිතයක්. ඒ ඔහු කරන ආන්දෝලනාත්මක වැඩ නිසා. අදත් එළිවෙන ජාමයේ එතුමා ඒ වගේ වැඩක් කරා.

පාන්දරම එතුමා දඹුල්ල ආරථික මධ්‍යස්ථානයට ආවා. ඒ හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ ඉන්න වන අලීන්ට ආහාර සදහා ඉවත ලන එළවළු සහ පළතුරු අරගෙන යන්න. වනජීවී අමාත්‍යංශයේ ලොකු 2 ක් පිරෙන්න එළවළු පළතුරු පැටව ගත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මදි හරියට තමන් ආවා කැබ් එකටත් පිරෙව්වා.

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාත් එතනට ඇවිත් හිටියා. නිකන් කුණු ගොඩට දාන එළවලු, පළතුරු වලින් ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න එක නම් හොඳ වැඩක්.


News Articles
Latest Videos
Most Popular Post