News Line| Off Air| Games
Generic placeholder image

Aug
10

නාසා ආයතනය ඉරට යයි.

1329 Views


නාසා ආයතනය ඉරට යයි.

ලෝකයේ හැම අස්සක් මුල්ලකම ගිය මිනිසා ඊළඟට පය තිබ්බේ අභ්‍යවකාශයට. සඳ මත පා තැබීම අභ්‍යවකාශයට ගිය මිනිසාගේ දැවැන්ත පියවරක්. ඊට පස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහලෝක ගවේෂණය කරන්නත් යානා යවන්න මිනිසුන් සමත් වුණා.

හැබැයි තාමත් ඉර ළඟට යන්න මිනිසාට බැරි වුණා. ඒ හිරුගේ දැඩි රශ්මිය නිසා. කොහොම වුනත් ඉර ළඟට යන්නත් දැන් නාසා ආයතනය සූදානම් වෙනවා. සූර්යයා ළඟට චන්ද්‍රිකාවක් යවන්න තමයි නාසා ආයතනය සූදානම් වෙන්නේ.

නාසා ඉතිහාසයේ අතිශයින් අපේක්ෂා සහගතම මෙහෙයුම විදියට ඔවුන් මෙය නම් කරලා තියෙනවා. “පාකර් සෝලා ප්‍රෝබ්” කියලයි මේ චන්ද්‍රිකාව නම් කරලා තියෙන්නේ. තාරකාවල හැසිරීම ගැන අභිරහස් හොයන එක තමයි මේ චන්ද්‍රිකාවට පැවරෙන් වගකීම.


News Articles
Latest Videos
Most Popular Post