News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

විශ්වාසභංගයට පක්ෂ කවුද? විපක්ෂ කවුද? දේශපාලන පක්ෂ වල අවසන් තීරණය මෙන්න.

524 Views


විශ්වාසභංගයට පක්ෂ කවුද? විපක්ෂ කවුද? දේශපාලන පක්ෂ වල අවසන් තීරණය මෙන්න.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට ගන්නවා. උදේ 9.30 ඉඳලා රාත්‍රී 9.30 දක්වා මේ විවාදය පැවැත් වෙන්න නියමිතයි. මේ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු විවාදයට සහභාගී වෙන්න පාර්ලිමේන්තුවට පැමිණෙමින් ඉන්නේ.

ඊයේ රාත්‍රිය වෙනකන්ම දෙපැත්තේම අය තමන්ගේ පැත්තට ඡන්ද වැඩි කර ගන්න විවිධ සාකච්ඡා පැවැත්වුවා. මේ වෙද්දී ගොඩක් පක්ෂ විශ්වාසභංගය ගැන අවසන් තීරණය අරන් තියෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය අවසන් තීරණයක් ගන්න ඊයේ රාත්‍රියේත් රැස්වුණා. දීර්ඝව සාකච්ඡා කරත් අවසන් තීරණයක් ගත්තේ න කියලා ඒ. එච්.එම් ෆවුසි මහතා කිව්වේ. ඒ නිසා අද උදේ 9.00 ට මහින්ද අමරවීර මහතාගේ නිවසට රැස්වෙලා තීරණයක් ගන්නවා කියලයි එතුමා වැඩි දුරටත් කිව්වේ.

දෙමළ ජාතික සංවිධානය මේ දක්වා තමන්ගේ ස්ථාවරය ප්‍රකශ කරලා නෑ. මේ ගැන අවස්ථා කිහිපයකදීම දෙමළ ජාතික සංවිධානය රැස්වෙලා සාකච්ඡා කලත් අවස් තීරණයකට ආවේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ අගමැතිවරයාට එරෙහිව චන්දය භාවිතා කරනවා කියලා මේ වෙද්දීත් ප්‍රකාශ කරලා තියෙන්නේ.

ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් මේ ගැන සාකච්ඡා කරන්න ඊයේ රාත්‍රියේ රැස්වුණා. ඔවුන් අවසානයට තීරණය කලේ අගමැතිතුමාට සහය දක්වන්නයි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමත් විශ්වසභාන්ගයේදී අගමැතිවරයාට සහය පළකරන්න තීරණය කලා.


News Articles
Latest Videos
Most Popular Post