News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න මඟී නැව් සේවාවක්.

330 Views


ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න මඟී නැව් සේවාවක්.

ලංකාවේ අසල්වැසියා තමයි ඉන්දියාව. ඒ නිසාම ලංකාව සහ ඉන්දියාව අතර අතීතයේ ඉඳන්ම ලොකු සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව නිතරම දෙරටට එනවා යනවා.

ගොඩක් වෙලාවට ගුවන් මඟින් තමයි රටවල් දෙක අතර ගමන් කරන්නේ. හැබැයි ලංකාව සහ ඉන්දියාව අතර වැඩි දුරක් නෑ. ඒ නිසා දෙරට අතර මඟී නැව් සේවාවක් ආරම්භ කරන්න හදනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දවස්වල සිදු කෙරෙමින් පවතිනවා.

මෙම නැව් සේවාව කඩිනමින් ඇරඹීමට කරුණු සොයා බලන්න න්දීය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‌ෂක අංශ ප්‍රධානි කපිතාන් අශෝක්‌ රාඕ පසුගියදා තලෙයිමන්නාරමට ආවා. ඔහු තලෙයිමන්නාරමේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සමග මේ පිළිබදව සාකච්ඡා කරලා තියෙනවා.

ඉන්දියාවේ රාමේෂ්වරන් ඉඳන් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්‌වා තමයි මේ මගී නැව් සේවාව ආරම්භ කරන්න හදන්නේ. මේ නැව් සේවාව ආරම්භ කරාට පස්සේ ඉතාම අඩු මුදලකට සහ පහසුවෙන් ඉන්දීය ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමටත්, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ සංචාරය කිරීමටත් පුළුවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post