News Line| Off Air| Games
Generic placeholder image

Jun
30

“පහුගිය පාලනයේදී කෝටි ගණන් සල්ලි නාස්ති කරලා. තරඟ පාවා දුන්න නිලධාරීන් හොඳට ඉන්නවා. ක්‍රිකට් ගොඩගන්න අතුරු කමිටුවක් පත් කරන්න.” ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගන්න හිටපු සභාපතිවරු 7 දෙනෙක් පෙරට එයි. – Photo

1677 Views


“පහුගිය පාලනයේදී කෝටි ගණන් සල්ලි නාස්ති කරලා. තරඟ පාවා දුන්න නිලධාරීන් හොඳට ඉන්නවා. ක්‍රිකට් ගොඩගන්න අතුරු කමිටුවක් පත් කරන්න.” ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගන්න හිටපු සභාපතිවරු 7 දෙනෙක් පෙරට එයි. – Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් පහුගිය කාලයේ තිබ්බේ ලොකු අර්බුදයක. එක කාටවත් රහසක් නෙවෙයි. මේ වෙද්දීත් ඒ අර්බුදය අවසන් වෙලා නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා ගන්න බැරුව තාමත් ක්‍රිකට් ආයතනය ඉන්නේ.

මේ අතරේ දුර්වල පරිපාලනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගන්න හිටපු ක්‍රිකට් සභාපතිවරු 7 දෙනෙක් පෙරට ඇවිත් තියෙනවා. ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ගැන සන්දගන් කරලා ඒකාබද්ධ ලිපියක් යවලා තියෙනවා. පසුගිය වසර දෙකක කාලය තුල ක්‍රියාත්මක වූ තිලංග සුමතිපාල පාලන සමයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති වලෙන් ගොඩ ගන්න කියලා ඔවුන් මේ ලිපියෙන් ඉල්ලලා තියෙනවා.

හිටපු සභාපතිවරුන් වන රියෙන්සි විජේතිලක, විජය මලලසේකර, සිදත් වෙත්තමුණි, ජයන්ත ධර්මදාස, උපාලි ධර්මදාස, ආනා පුංචිහේවා සහ අර්ජුන රණතුංග මේ ලිපියට අත්සන් කරලා තියෙනවා. ඔවුන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තිලංග සුමතිපාල ප්‍රමුඛ පාලන සමයේදී තරඟාවලි කිහිපයකම සියලු තරඟ පරාජය වුණා කියලා.

සිම්බාබ්වේ සමග එක්දින තරඟාවලිය පරාජය වීම දක්වා එම තත්වය වර්ධනය වුණා කියලා ඔවුන් පෙන්වා දෙනවා. මේ වනවිට විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි ඇෆ්ඝනිස්ථානය ශ්‍රී ලංකාව පසුකර ගොස් ඇති බවද ඔවුන් සිහිපත් කරනවා.

ග්‍රැහැම් ෆෝර්ඩ් සහ නික් පොතාස් සේවය කරන සමයේදී ඔවුන්ගෙන් නිසි සේවයක් ලබාගැනීමට අසමත් වීම, වසරක කාලයක් තුල ක්‍රීඩකයින් 40 දෙනකුට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබාදෙමින්, නායකයින් අට දෙනකු පත් කරමින් ස්ථාවරත්වය නැති කිරීම ඔවුන් කරන අනිත් චෝදනා අතර වෙනවා.

පහුගිය කාලයේ මුදලට තරඟ පාවාදීමට සම්බන්ධ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් යහමින් ක්‍රිකට් ආයතනය තුල වැජඹෙනවා කියලත් හිටපු සභාපතිවරු පෙන්වා දෙනවා. තිලංග සුමතිපාල පාලනයේදී රුපියල් කෝටි ගණන් නාස්ති කර ඇති ආකාරයද ඔවුන් ක්‍රීඩා ඇමතිවරයාට මේ ලිපිය මගින් පෙන්වා දීලා තියෙනවා.

ඔවුන් කියන්නේ මේ දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට සහ ක්‍රිකට් යහපාලනය ගොඩනැගීම සදහා අතුරු කමිටුවක් පත් කරන්න කියලා.


News Articles
Latest Videos
Most Popular Post