News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

උපාධිය ගන්න ගිය උගත් විශ්ව විද්‍යාල සිසුන් කළ නූගත් වැඩේ. – Photo

769 Views


උපාධිය ගන්න ගිය උගත් විශ්ව විද්‍යාල සිසුන් කළ නූගත් වැඩේ. – Photo

උගත් බුද්ධිමත් යක්ෂයින්ට වඩා නූගත් දෙවියන් වටිනවා කියලා කියනවනේ. කොච්චර උගත් වුනත් හදවතේ කරුණාවක් නැත්නම් ඒ උගත් කමින් ඇති වැඩක් නෑ.

මේ දවස්වල ලංකාවේ සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වුණ Photos වගයක් තියෙනවා. ඒ ලංකාවේ විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධාන උත්සවයකින් පස්සේ ඒ ශාලාව කුණු වලින් පිරිලා තියෙන ආකාරය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි උත්සවයකදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. හිස් වතුර බෝතල්, කෑම පැකට් ආදිය උපාධ ලබපු අය ශාලාවේම තැන තැන දාලා ඇවිත් තිබ්බා. මේ ඡායාරූප දැකපු ගොඩක් අය මේ ක්‍රියාව විවේචනය කරලා තිබ්බා.

කොහොම වුනත් විශ්ව විද්‍යාල සිසුන්ට විතරක් මේ වැරැද්ද පටවන්න බෑ. ලංකාවේ ඇති බහුතරයක් දෙනා මේ වැරැද්ද කරනවා. ඒ වගේම තමයි මේ දවස්වල පැවැත් වෙන FIFA ලෝක කුසලාන තරඟාවලියේදී මුළු ක්‍රීඩාගාරයේම කුණු ඉවත් කරලා ජපනුන් ලොකු ආදර්ශයක් දුන්නා. ලංකාවේ අයත් ජපනුන්ව ආදර්ශයට ගත්තා නම් ලංකාව තවත් සුන්දර කර ගන්න තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post