News Line| Off Air| Games
Generic placeholder image

Oct
5

ගිනි අවි සඳහා ඇති බලපත‍්‍රය අලූත් කර ගන්නා ලෙස දැනුම් දෙයි

458 Views


ගිනි අවි සඳහා ඇති බලපත‍්‍රය අලූත් කර ගන්නා ලෙස දැනුම් දෙයි

ගිනි අවි සඳහා ලබා දී ඇති බලපත‍්‍රය අලූත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින්ට සහ ආයතන වෙත දැනුම් දී සිටිනවා.එම අමාත්‍යාංශය සදහන් කළේ පසුගිය පළමු වනදා සිට ලබන 31 වනදා දක්වා ඒ සදහා කාලය ලබා දී ඇති බවයි.

මෙම කාල සීමාවෙන් පසු 2019 වර්ෂය සඳහා ගිනි අවි බලපත‍්‍ර අලූත් කිරීම සිදු නොකරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්
මේ අතර වසරේ ගත වූ කාලය තුළ සිදු කළ දීප ව්‍යාප්ත පොලිස් මෙහෙයුම් වලින් වරෙන්තුකරුවන් 10,975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප‍්‍රකාශ කළේ එම කාල සීමාව තුළ මෙහෙයුම් 12 ක් සිදු කර ඇති බවයි.එහිදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 5 504 ක්.

විවිධ අපරාධවලට සම්බන්ධ 8 514 දෙනෙකු මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 58 123 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post