News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

සංචාර වලදී ජනපතිවරුන් රැක ගත් “ඩොලී” අවසන් ගමන් යයි. – Photo

819 Views


සංචාර වලදී ජනපතිවරුන් රැක ගත් “ඩොලී” අවසන් ගමන් යයි. – Photo

සතෙක් වුනත් මිනිසුන්ගේ ගෞරවය ලබන්න නම් ගොඩක් පිං කරලා තියෙන්න ඕන. තමන්ගේ ජීවිත කාලයම මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපකළ “ඩොලී” පහුගිය දා අවසන් හුස්ම හෙලුවා.

ඩොලී කියන්නේ මඩකලපුව පොලිස් විශේෂ අංශයේ වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් වල නිරත වුන පොලිස් සුනඛයා. ඩොලී ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි ආරක්‍ෂක කටයුතු සදහාත් යොදා ගත්තා. අවුරුදු 7 ක් තමන්ගේ රාජකාරිය දේවකාරියක් වගේ කළ ඩොලී පහුගිය දා රාජකාරියෙන් වගේම ජීවිතයෙනුත් සමු ගත්තා.

ඒ මුළු පොලීසියම කඳුලින් තෙත් කරලා. 2011 නෙදර්ලන්තයේ ඉඳලා තමයි ඩොලී ලංකාවට එන්නේ. වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් සදහා සම්බන්ධ වුන ඩොලී අවස්ථා 200 කදී පමණ වෙඩි බෙහෙත් සොයා ගන්න උදව් වෙලා තියෙනවා.

ඩොලීගේ අවසන් කටයුතු ආගමික වතාවත් සහ පොලිස් උත්තමාචාර මැද ඊයේ (21) මඩකලපුවේදී සිදු කරා.


News Articles
Latest Videos
Most Popular Post