News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

2020 ජනධිපති අපේක්ෂක සහෝදරයා ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හෙළි කරයි

618 Views


2020 ජනධිපති අපේක්ෂක සහෝදරයා ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හෙළි කරයි

මේ දවස්වල මඟ තොටේ ගියත්, දේශපාලන වේදිකාවල පවා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන හරි හරියට කතා වෙනවා. ඔය අතරේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉන්න කියලා හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂට ජනතාවගෙන් ලොකු ඉල්ලුමකුත් තියෙනවා. හැබැයි පොඩි රාවයක් පැතිර යනවා නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා.

කොහොම වුණත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හින්දු පුවත්පතකට අදහස් දක්වලා තිබ්බා.

“අවම වයස් සීමාව 30 සිට 35 දක්වා වැඩි කිරීම නිසා 2020 ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට නාමල්ට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ හින්දා මගේ සහෝදරයාට අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්.”

ඔහු මේ බව කියලා තිබුණේ හින්දු පුවත්පතකට. ඒ මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා ඉන්දියාවේ සිදු කළ සංචාරය අතරතුරයි.

 


News Articles
Latest Videos
Most Popular Post