News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

අගමැති අත තිබූ මහ බැංකුව ගලවයි. තවත් විෂයන් කිහිපයක් සහ ආයතන රැසක් ඉවතට.

654 Views


අගමැති අත තිබූ මහ බැංකුව ගලවයි. තවත් විෂයන් කිහිපයක් සහ ආයතන රැසක් ඉවතට.

පෙන විදියට නම් මේ ගෙවෙන්නේ අගමැතිතුමාට හොඳ කාලයක් නෙවෙයි. කොරේ පිටට මරේ කියන්න වගේ එක පිට එක ප්‍රශ්න එනවා. පාර්ලිමේන්තුවට ගෙනාව විශ්වාසභංග යෝජනාවත් හෙට අනිද්දා විවාදයට ගන්න නියමිතයි. ඒ අතරේ ඊයේ අගමැතිතුමා යටතේ තිබ්බ ආයතන කිහිපයක් ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා.

අගමැතිතුමා යටතේ තිබ්බ මහා බැංකුව අයෙත් මුදල් අමාත්යංශය යටතට පත් කරා. ඒ වගේම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, වහා ම ක්‍රියාත්මක වන පරිදි යළි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පැවරුවා. ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට භාර කරා. කන්තලේ සීනී සමාගම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට පැවරුණා.

මුල්‍ය නීති පනත සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත, ක්‍රියාත්මක කිරීමේ බලයත් මුදල් අමාත්‍යංශයට ලබා දුන්නා. ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතට පැවරුණා. කොහොම වුනත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා පාලිත සමාගම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතටත් පවරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post