News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

අගමැති හෙට සිංගප්පූරුවට.

385 Views


අගමැති හෙට සිංගප්පූරුවට.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව ඇතුලූ සමුළු කිහිපයකට සහභාගී වීම සදහායි.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජල සති සැමරුම, පිවිතුරු ජල සති සැමරුම යන උත්සව අවස්ථාවන් සදහාද සහභාගී වනු ඇති. ලබන 9 වනදා පැවැත්වෙන ජගත් පුරවර සමුළුවේ නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේද අග‍්‍රාමාත්‍යවරයා විසින්.

අග‍්‍රාමාත්‍යවරයා සිය නිල සංචාරය අතරතුර සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂිං ලූං සහ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ටී ශන්මුුකරත්නම් ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හමුවීමටද නියමිතයි. එම සාකච්ඡාවන්හිදී මනා රාජ්‍ය පරිපාලනය සැලසුම්කරණය සහ තාක්ෂණය යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post