News Line| Off Air| Games
Generic placeholder image

Oct
6

ඇස් ගහන නිළිය ආගමට කරන්නේ අපහසයක් කියූ නඩුවට වෙච්ච දේ

633 Views


ඇස් ගහන නිළිය ආගමට කරන්නේ අපහසයක් කියූ නඩුවට වෙච්ච දේ

කොල්ලට වෙඩි තියලා ඇහැක් ගහන කෙල්ලෙක් ගැන පසුගිය දවස් වල සොෂල් මීඩියා අස්සෙ හරි හරියට කතා වුණා. ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝම ආදරය කළ මේ ඉඟි මරන කෙල්ල තමයි ඉන්දියානු නිළි ප‍්‍රියා වරියර්.

මෙම නිළිය වෙත මුස්ලිම් කණ්ඩායමක් විසින් ” ආගමට අවමන් කිරීම සිදුකලා ” යැයි නඩු පවරා තියෙනවා. මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන පූජනීය ගීතයක් චිත‍්‍රපටයට අරගැනීම සහ මෙවැනි ඉඟිපෑම් ආගමට කරන අවමානක් බවයි පැමිණිලිකරුවන් සඳහන් කරලා තිබුණෙ.

අදාල ගීතය චිත‍්‍රපටයෙන් ඉවත් කරන්න කියලා තමයි මුස්ලිම් පැමිණිලිකරුවන් කියන්නෙ. ප‍්‍රියා ප‍්‍රකාශ්ද මීට විරුද්ධව අධිකරණයේ පෙත්සමක් ගොනු කරලා තියෙනවා.චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ප‍්‍රියා නම් කර තිබුණා.

” යම් පුද්ගලයෙකු චිත‍්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා ” යැයි කියමින් ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්රා අදාළ නඩුව නිශ්ප‍්‍රභා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post