News Line| Off Air| Games
Generic placeholder image

Apr
15

” මගේ යකා අවුස්ස ගන්න එපා” පුටින් බටහිර රටවලට අනතුරු අඟවයි.

1040 Views


” මගේ යකා අවුස්ස ගන්න එපා” පුටින් බටහිර රටවලට අනතුරු අඟවයි.

පහුගිය දා ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරා. හැබැයි මේ වැඩේට රුසියාව තදින්ම විරුද්ධ වෙලා හිටියේ. ඒ වුනත් බටහිර රටවල් රුසියාවේ අනතුරු ඇඟවීම් කනකටවත් ගණන් ගත්තේ නෑ.

මේ වෙද්දී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ටොමොහොක් මිසයිල 30 ක් පමණ සිරියාවට එල්ල කරලා තියෙනවා. හැබැයි සිරියානු සමාජ ක්‍රියාකාරකයින් පවසන්නේ ඉන් මිසයිල 20 ක් විතර රුසියානු මිසයිල නාශක පද්ධතියෙන් උඩු ගුවනේදීම විනාශ කළා කියලා.

කොහොම වුනත් බටහිර රටවල මේ ප්‍රහාරයන් නිසා රුසියානු ජනාධිපති පුටින්ට හොඳටම කේන්ති ගිහින්. මේ ගැන කතා කරන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහාම රැස් කරන්න කියලා පුටින් කිව්වා. “මේක ඇමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයක්. මාව කුපිත කරන්න එපා” කියලයි පුටින් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post