News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

“IPL බලන්න යන්න එපා” – ඉන්දීය සුපිරි නළුවා ජනතාවගෙන් ඉල්ලයි.

1295 Views


“IPL බලන්න යන්න එපා” – ඉන්දීය සුපිරි නළුවා ජනතාවගෙන් ඉල්ලයි.

IPL කියන්නේ ඉන්දියාවේ වගේම ලෝකය වටේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් සැණකෙළියක්. IPL තරඟාවලිය මේ වෙද්දීත් ආරම්භ වෙලා තියෙන්නේ. දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් IPL තරඟ බලන්න එනවා.

හැබැයි මේ අතරේ IPL තරඟාවලිය වර්ජනය කරන්න කියලා රැජිනිකාන්ත් ඉන්දියාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ කාවේරි නදියේ ජලය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට තාමත් විසඳුමක් ලැබිලා නැති නිසා.

මේ හේතුවෙන් චෙන්නායි නුවරදී IPL තරඟ පවත්වන එක සුදුසු නෑ කියලා රැජිනිකාන්ත් පවසනවා. ඒ වගේම තමන්ගේ ප්‍රාන්තය නියෝජනය කරන Chennai Super Kings කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටි පැළඳගෙන ක්‍රීඩා කරන්න කියලා ඔහු ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින්ට කළු ටී ෂර්ට් පැළඳ තරඟ නරඹන්න යන්න කියලා රාජිනිකාන්ත් ඉල්ලා සිටිනවා.

මේ නිසා IPL තරංග නරඹන්න කළු ඇඳුම් පැළඳගෙන එන ප්‍රේක්ෂකයින්ව ක්‍රීඩාංගනයට ඇතුළු නොකරන්න චෙන්නායි පොලීසිය තීරණය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post