අද දවස පුරාම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්‍ේෂ සාකච්ඡා රැසක් තිබ්බා. ඉදිරියේදී බල පෙරලිය කරන්නේ කොහොමද කියලා තමයි වැඩියෙන්ම මේ රැස්වීම්වල කතා කරේ.
මේ මොහොතේ ඉතා වැදගත්ම සාකච්ඡාව පැවැත් වෙනවා. එ් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර. අද රාත්‍රී 8.00 ට විතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට ගියා. මේ සාකච්ඡාවට කැබිනට් අැමතිවරු කිහිප දෙනෙකුත් සහභාගී වෙලා තියෙනවා කියලයි අපිට අාරංචි වෙන්නේ.
එජාපය මේ වෙද්දී තනි ආණ්ඩුවක් පිහිටුවන තීරණය අරගෙන ඉවරයි. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දීලා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතා කරන්න තමයි අගමැතිතුමා ජනාධිපතිවරයා හමු වුනේ. මේ සාකච්ඡාවේදී කතාබහ කරපු තොරතුරු සියත 24 වෙත ලද වහාම ඔබට කියන්න අපි සූදානම්. දිගටම සියත 24 සමඟ රැදී සිටින්න.