News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය ගැන අගමැති පහදයි.

367 Views


ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය ගැන අගමැති පහදයි.

ඉන්දීය සාගර මධ්‍යයෙහි මෙරට පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද සිංගප්පූරුවේදී ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන දේශනය පවත්වමින්. 2050 වන විට බෙංගාල බොක්ක ආශ‍්‍රිත නැගෙනහිර ඉන්දීය සාගර වෙරළාසන්න රටවල ජනගහනය බිලියන 2.9 ක් බවට පත් වෙනු ඇති බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

අග‍්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කලේ, මානුෂීය සුරක්ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීම සදහා නවීන තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බවයි.

සුහුරු, ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් නවීන තාක්ෂණය භාවිතා කිරීමට අවධානය යොමු කල යුතු බව අග‍්‍රාමාත්‍යවරයවා එහිදී ප‍්‍රකාශ කලා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හයවන ජගත් පුරවර සමුලූවේ සමාරම්භක දේශනය පැවැත්වුයේ නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු යන මැයෙන්
මේ අතර අග‍්‍රාමාත්‍යවරයා සිය නිල සංචාරය අතරතුර සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂිං ලූං සහ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ටී ශන්මුුකරත්නම් ඇතුලූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හමුවීමටද නියමිතයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ රාජ්‍ය නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේ ඊයේ දිනයේදීයි


News Articles
Latest Videos
Most Popular Post