News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

එලිසබත් මහා රැජිනගේ මස්සිනා පළවෙනි රාජකීය සමලිංගික විවාහයට සූදානම් වෙයි.

915 Views


එලිසබත් මහා රැජිනගේ මස්සිනා පළවෙනි රාජකීය සමලිංගික විවාහයට සූදානම් වෙයි.

මේ අවුරුද්දද බ්‍රිතාන්‍ය රජ පවුලට මංගල අවුරුද්දක් වෙලා. ගෙවී ගිය මැයි මාසයේදී ලෝකයේම අවධානය දිනා ගෙන හැරි කුමරු සහ මේගන් විවාහ වුණා. දැන් ආයෙත් තවත් රාජකීය විවාහයක් වෙන්න යනවා.

හැබැයි මේ විවාහය නම් ගොඩක් වෙනස් එකක්. බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ පළවෙනි වතාවට සමලිංගික විවාහයක් සිද්ධ වෙන්න යනවා. දෙවන එළිසෙබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ සොහොයුරකු වන අයිවර් මවුන්ට් බැටන් සාමිවරයා තමයි මේ සමලිංගික විවාහය කරගන්න යන්නේ.

ඔහු තමන් සමලිංගිකයකු බව 2016 වසරේදී ප්‍රසිද්ධ කරා. ඔහුගේ සහකරුවා වෙලා තියෙන්නේ සාමිවරය සිය අනාගත සහකරුවා ලෙස තෝරාගෙන තිබෙන්නේ ජේම්ස් කොයිල් නමැත්තෙක්. කොහොම වුනත් අයිවර් මවුන්ට් බැටන් සාමිවරයා කලින් කාන්තාවක් එක්ක විවාහ වෙලා දියණියන් 3 දෙනෙක් ඉන්නවා.

“මේ කතාව ඇහුවම මම ගොඩක් සංවේදී වුණා. ඒත් මට තේරෙනවා මමත් එක්ක හිටපු කාලයට වඩා අයිවර් දැන් හරි සැහැල්ලූවෙන් සතුටින් ඉන්නවා කියලා. කොහොම වුණත් දැන් ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක්. සමහරු නම් කියන්නෙ ඔහු මේ තරම් සතුටින් ඉන්නවා කවදාවත් දැකලා නැහැ.” කියලා ඔහුගේ හිටපු බිරිඳ මේ විවාහය ගැන අදහස් දක්වලා තිබ්බා.

” අවුරුදු 55ක්ම මම ජීවත් වුණේ මම කැමති විදියට නෙමෙයි. ඒ නිසා මම තීරණය කළා 56වෙනි අවුරුද්දෙ ඉදලාවත් මම කැමති ජීවිතේ ගත කරනවා කියලා. මම විවාහ වෙලා හිටියා මම හොද දරුවන් තුන්දෙනෙක් ලැබුවා. ඒ නිසා මට දැන් මේ දේ කරන්න ඕන.” කියලා සාමිවරයා ඔහුගේ තීරණය ගැන කිව්වා.

අයිවර් මවුන්ට් බැටන් සාමිවරයා විවාහ කර ගන්න ඉන්න සහකරුවාත් මේ විවාහය ගැන මාධ්‍යට අදහස් දක්වලා තිබ්බා. “අපේ විවාහ උත්සවය බොහොම පොඩි එකක් වේවි. ඒක සාම්ප්‍රදායික රාජකීය විවාහවලට වඩා ගොඩක් වෙනස් වේවි. අපේ විවාහ උත්සවයට එන්නෙ 120ක් විතර. චාරිත්‍රවලින් පස්සෙ උත්සවයකුත් අපි තියනවා.” කියලා මේ ගැන ඔහු අදහස් දැක්වුවා.

කොහොම වුනත් රාජකීය පවුලේ සාමාජිකයන් මේ විවාහයට එනවා කියලා තාම දැනුම් දීලා නෑ. හැබැයි සාමිවරයා නම් රජ පවුලේ අයට මේ විවාහ උත්සවයට ආරාධනා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post