News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

රුසියාවේ ගුවන් ප්‍රහාර හමුවේ ඇමෙරිකාව පසුබසී.

1283 Views


රුසියාවේ ගුවන් ප්‍රහාර හමුවේ ඇමෙරිකාව පසුබසී.

සිරියාවේ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර සටන් තාමත් අවසන් වෙලා නෑ. සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ඉන්න කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවන් සහ ඔවුන්ට සහය දක්වන කණ්ඩායම් මෙහෙයුම් දියත් කරලා තියෙනවා.

මේ නිසා දහස් ගණනක් සිවිල් වැසියන් දැනට ජෝර්දානය සහ ඊශ්‍රායාලය විසින් අරක්ෂා කරනු ලබන “ගෝල්ඩන් හෙයිට්ස්” (Golan Heights) ප්‍රදේශයේ පිහිටි දේශසීමාව බලා පළායමින් ඉන්නවා. සිරියානු රජයේ හමුදාවන්ට සහය ලබා දෙමින් රුසියානු ගුවන් යානාද එම මෙහෙයුම් සඳහා සහභාගී වුණා. සිරියානු හමුදාවේ මෙහෙයුම් සඳහා රුසියාව විසින් ගුවන් ප්‍රහාරක සහය ලබාදුන් ප්‍රථම අවස්ථාව විදියටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරියාවේ ගිනිකොණ පිහිටි බුස්රා අල් හරීර් ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙන ගුවන් නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ රුසියානු ප්‍රහාරක ගුවන් යානා 05 ක් මේ මෙහෙයුමට සහභාගී වුණා කියලා. ඔවුන් කැරලි කරුවන් ඉලක්ක කරලා ගුවන් ප්‍රහාර 25 ක් පමණ එල්ල කරලා තියෙනවා. ඊට අමතරව රුසියානු රජයේ හමුදාවන් විසින් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු සහ රොකට් ප්‍රහාරයන් දියත් කරලා තියෙනවා.

මේ අතර දකුණු සිරියාවේ යුධ ගැටුම් සම්බන්ධයෙන් තම සහයෝගය බලාපොරොත්තු වෙන්න එපා කියලා අමෙරිකාව සිරියානු කැරළිකරුවන් වෙත දනුම් දී තිබෙනවා. ඒ වගේම සිවිල් වැසියන් රැදී සිටින යුධ මුක්ත කලාපයට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්න කියලා සිරියාවට සහ රුසියාවට උපදෙස් දීලා තියෙනවා.

සිරියාවේ දකුණු දිග ප්‍රදේශයේ සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් පසුගිය වසරේදී අමෙරිකාව සිරියාවට සහ රුසියාවට අනතරු අඟවා තිබුණා. එය සිරියානු කැරලිකරුවන්ට මහත් සහයක් ගෙනදී තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post