News Line| Off Air| Games
Generic placeholder image

Sep
16

රුසියානු සංස්කෘතික දැක්ම 23දා

1348 Views


රුසියානු සංස්කෘතික දැක්ම 23දා

ශ්‍රි ලංකාවේ රුසියානු සංස්කෘතික දැක්ම 2019 මෙවර අති උත්කර්ෂවත් අන්දමින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට රුසියානු සමාජය විසින් කටයුතු සැලසුම්කොට තිබේ.රුසියානු සංස්කෘතික අංග,කලා අංග සහ ජන ජීවිතය පිළිබඳ ශ්‍රි ලාංකේය ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම උළෙලේ ප්‍රමුඛ අරමුණයි.ඒ අනුව 2019 සැප්තැම්බර් 23වැනි සඳුදා උදැසන 10.30ට පමණ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය ආරම්භ වේ.

එදින සවස 6.00ට අවසන්වන ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි රැසක් ඇතුළත්වෙයි.ඒ අතර සාහිත්‍ය ,සංස්කෘතිය ,අධ්‍යාපන අංශ වෙත විශේෂ අවධානය යොමුවී තිබේ.රැසියානු සංගීතය, සිනමාව, ආහාර, කලා හා මූර්ති, නැටුම් ආදී විවිධ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් උළෙල අතරතුර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රුසියානු සංස්කෘතික අංග රැසකින් අලංකාර වන මෙම උළෙල ඇතුලු වීම නොමිලේ වන අතර රුසියානු සංස්කෘතික අංග දැක බලා අධ්‍යනය කිරීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය සැමට ආරාධනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post